ප්‍රමුඛ පුවත 1

ඇමති රිෂාඩ්ගේ මැදිහත් වීමෙන් සාලම්බකුලම් හි කුණු ප්‍රශ්නයට විසදුම්

(උදයම්,වව්නියාව)  – වව්නියාවේ පම්පමඩුව පුදිය සාලම්බකුලම් හි වසර 15ක සිට ගොඩගසා ඇති කැළි කසළ තොගය වහාම ඉවත් කර නිසි පරිදි කසළ බැහැර කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස වව්නියාව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිෂාඩ් බදුයිදීන් මහතා නියෝග කරයි.

අමාත්‍යවරයා මේ නියෝගය කළේ ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යයට බලවත් තර්ජනයක් ගෙන දුන් කසළ ගොඩගසා ඇති ස්ථානය පෙරේදා පරීක්ෂාකිරීමෙන් අනතුරුවය.

වසර ගණනාක සිට ජනතාව පීඩාවට පත් කළ කසළ තොගය එම ස්ථානයෙන් ඉවත් කර ජනශුන්‍ය ස්ථානක තෝරාගත් අක්කර 10ක රජයේ ඉඩමක කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා රුපියල් කෝටි 20ක මුදලක් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් වෙන්කරගත් බව ද අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියා මණ්ඩපය හා වව්නියාව ආයිසා විද්‍යාලය පිහිටා ඇත්තේ ද මේ කසළ ගොඩ ආසන්නයේය. මේ හේතුවෙන් විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යයට තර්ජනයක් පවතින බවට චෝදනා එල්ල වී තිබිණි. ඒ ආසන්නයේ පවුල් 2000කට පමණ මෙහි පීඩාව විඳින්නට සිදුව තිබූ බව ගම්වැසියෝ චෝදනා කරති.

දින කිහිපයකට පෙර පුදියසින්න කුලම් ගම්මානයේ කුඩා දරුවකු හදිසියේම අසනීප වීමට හේතුව කසළ ගොඩ යැයි වව්නියාව රෝහලේ වෛද්‍යවරුන්ගේ නිගමනය වීමත් සමග ප්‍රදේශයේ නොසන්සුන් තත්ත්වයක් ද හටගෙන තිබිණි.

අක්කර පහක පමණ භූමියක කසළ ගොඩගසා තිබූ අතර මියගිය ගවයන්ගේ හා සුනඛයන්ගේ කොටස් ද එහි දමා තිබිණි. එමෙන් ම වව්නියාව මහ නගර සභාවේ ගලි බවුසරය මගින් ප්‍රවාහනය කරන වැසිකිළි අපද්‍රව්‍යය ද මේ ස්ථානයේ බැහැර කරන බැවින් දැඩි දුඟදක් හමා එන බව ද ප්‍රදේශවාසීහු කියති.

මෙම ස්ථානයේ නිරීක්ෂණය කිරීමේ චාරිකාවක නිරත වූ රිෂාඩ් බදුයිදීන් ඇමතිවරයා මෙසේ කීවේය.‘‘වව්නියාවේ සාලම්බකුලම් කසළ ගොඩ ගැන ජනතාවගේ විශාල විරෝධයක් තිබුණා. අපි මේ ගැන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සමග සාකච්ඡා කළාට පස්සේ රුපියල් කෝටි 20ක මුදලක් ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක් සඳහා අනුමත කර තිබෙනවා. දැනටමත් රජය සතු අක්කර 10ක ඉඩමක් කසළ ප්‍රතිචක්‍රීකරණ වැඩසටනට යොදා ගැනීමට හඳනාගෙන තිබෙනවා. ඒ නිසා අපි ඉක්මණින් මේ කසළ තොගය ඉවත් කරලා එම ස්ථානයේ කසළ ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන ආරම්භ කරනවා. මෙතැනට ආවම ඇත්තටම ලොකු වේදනාවක් ඇතිවුණා. මේ අවට ජනතාව දැඩි පීඩාවක් විදින්නට ඇති. මේ සඳහා අප ඉතා ඉකමණින් මැදහත් වුණේ ඒ නිසා. මේ වසර අවසාන වීමට පෙර මේ ගැටළුව අපි විසඳනවා. “

වවුනියාව පළාත් පාලන සහකාර කොමසාරිස්, වවුනියාව ප්‍රදේශීය සභා ලේකම්, වවුනියාව ප්‍රදේශීය ලේකම්, නගර සභා ලේකම් ඇතුළු නිළධාරීන් පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටිය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/MINI-RISHAD-1.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/MINI-RISHAD-2.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/MINI-RISHAD-3.jpg”]

Related posts

ස්වාධීන වෛද්‍ය සභාවක් ළඟදීම

Mohamed Dilsad

ශ්‍රී ලංකා දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ මූලික පියවර ගැනේ

Mohamed Dilsad

පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

Leave a Comment