ප්‍රමුඛ පුවත 1

උසස් පෙළ විභාගය අදින් ඇරඹේ.

(UTV| කොළඹ) – අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (06) ආරම්භ වෙයි.

දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,268දී විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කොට ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙවර උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 3,21,469 දෙනකු විභාගය සඳහා පෙනී සිටියි.

විභාගය පෙරවරු 8.30ට ආරම්භ වන අතර සියලුම අයදුම්කරුවන් පෙරවරු 8.00 වන විට විභාග මධ්‍යස්ථානයට පැමිණිය යුතුයි.

සිසුන් ස්මාර්ට් ඔරලෝසු, ජංගම දුරකථන සහ විද්‍යුත් උපකරණ මඟින් විභාග වංචා සිදුකරන්නේ ද යන්න පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරන ලෙසට ශාලාධිපතිවරුන් දැනුවත් කර ඇති අතර විභාග වංචා සිදුකරන අයඳුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන සියලුම විභාග වසර පහකට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාගය පවත්වන අවස්ථාවේ බාහිර පාර්ශවයන්ගෙන් අයදුම්කරුවන්ට කිසියම් බාධාවක් සිදුවන්නේ නම් ඒ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුවට හෝ ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස ශාලාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බැසිල්ට එරෙහි නඩුවත් කල් යයි

Mohamed Dilsad

රාජ්‍ය සේවයේ සියලු රාජ්‍ය නිලධාරින්ගේ වැටුප් වැඩි වෙයි [VIDEO]

Mohamed Dilsad

මන්නාරම ප්‍රධාන බස්නැවතුම්පොළ ඇමති රිෂාර්ඩ්ගේ නිරීක්‍ෂණයට

Mohamed Dilsad

Leave a Comment