(උදයම්,කොළඹ) – 2015 – 2016 අධ්‍යන වර්ෂයන් සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් ලියාපදිංචි කිරීමේ කටයුතු හෙට (20) දිනයෙන් අවසන් වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.
මෙවර ලියාපදිංචි කිරීමේ කටයුතු අන්තර්ජාලය හරහා පමණක් සිදු කෙරේ.
ඒ අනුව මෙතෙක් අයදුම් නොකළ සිසුන් ඒ සඳහා යොමුවන ලෙස කොමිසමේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා සඳහන් කළේය.
එමෙන්ම නැවත සමීක්ෂණ කටයුතු සඳහා යොමුකර ඇති සිසුන් එහි ප්‍රතිඵල ලැබුණු පසු වෙනසක් ඇත්නම් අභියාචනයක් මගින් ඉදිරිපත් කළ හැක.