ප්‍රමුඛ පුවත 1

හිත පාලනය කර ගන්න පුළුවන් නම් එල්ලුම් ගහක් ඕන නැහැ – ඇමතිනිය තලතා කියයි

(UTV| කොළඹ) – බන්ධනාගාරයක් තුළට නිකං හරි අඩිය තියලා තිබුණා නම් කිසි කෙනෙක් වැරදි කරන එක දෙපාරක් නොවෙයි හිතටවත් ගන්නේ නැහැ.ඒ තරමටම අප්‍රසන්න ස්වභාවයක් තිබෙන අප්‍රසන්න දේවල් සිදු වන තැනක් තමයි ගෑණියෙක් වෙච්ච මට භාරදීලා තියෙන්නේ.අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

පැල්මඩුල්ල රිල්හේන ශ්‍රී අභයවර්ධනාරාමයේ පැවති 125 වන සමස්ත ලංකා දහම් පාසල් දින සැමරුම් ජාතික වැඩ සටහනට එක්වෙමින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය  මෙම අදහස් පළ කළාය.

අපිට හිත පාලනය කර ගන්න පුළුවන් නම් එල්ලුම් ගහක් ඕන නැහැ.හැදිච්ච ශීලාචාර ජාතියක් ලෙස මනුෂ්‍යයෝ හැටියට හරි දේ කරන්න.ඒක වෙච්ච නැති නිසා තමයි විනාශ ගොඩකට මේ රට අර ගෙන ගිහිං තියෙන්නේ.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.

“අද කථාවක් ඇති වෙලා තියෙනවා මේ එල්ලුම් ගහ නැවත ගේන්න ඕන කියලා .මේ එල්ලුම් ගහ අවුරුදු 42 කට ඉස්සෙල්ලා තමයි වැලිකඩ බන්ධනාගාරයේ දී අවසානයේදී චන්ද්‍රපාල කියලා මනුෂ්‍ය යෙක් එල්ලලා මැරුවේ.මම ඒ ස්ථානයට ගිහිල්ලා බැලුවා මොකද අපි අහලා තිබුණා විතරයි මේ ගහ උස ද පළලද කියලා දැන ගන්න ඕන නිසා .මගේ හිතට එකගව මේ පිලිබදව යෝජනා වෙලා තියෙනවා නම් මේක ක්‍රියාත්මක වෙන්න ඕන කියන්නේ, මේක එල්ලලා හරි මේ දේ නවත්වන්න ඕන කියලා. වැරදි දැන ගෙන කරන අය ඉන්නවා නොදැන කරන අය ඉන්නවා .මට අභියෝග රාශියක් ඇවිත් තියෙනවා.අපි භය නම් මේ ආණ්ඩුව ජනප්‍රිය වෙන්න උත්සාහ කරනවා නම් අපිට මේවා අයාලේ යන්න ඉඩ දෙන්න තිබුණා.සමහර තැන්වලදී බෞද්ධකම ගැන අපිට මතක නැහැ .අපි බෞද්ධ ප්‍රතිපත්ති තුළ ජීවත් වෙනවා ගමන් අපි දන්නේ නැතිව අපි හිතන්නේ නැති තරගයකට වැටිලා තියෙන්නේ අපිට හිත පාලනය කර ගන්න පුළුවන් නම් අපිට එල්ලුම් ගහක් ඕන නැහැ.මෙතන ඉන්න කෙනෙක් බන්ධනාගාරයක් තුළට නිකං හරි අඩිය තියලා තිබුණා නම් ඔබ කිසි කෙනෙක් වැරදි කරන එක දෙපාරක් නොවෙයි හිතටවත් ගන්නේ නැහැ.ඒ තරමටම ඉතා අප්‍රසන්න ස්වභාවයක් තිබෙන අප්‍රසන්න දේවල් සිදු වන තැනක් තමයි බන්ධනාගාරය ගෑණියෙක් වෙච්ච මට භාරදීලා තියෙන්නේ “.

අපි ඉතිං මේ කට අවශ්‍ය දේ කරනවා .බලය ලබා ගන්න නම් ජනප්‍රිය වෙන් නම් නොවෙයි.අපේ කාර්ය භාරය අපි නිවැරදිව කරනවා අපි හරි දේ කරනවා.බෞද්ධ දර්ශනය තුළ අපි ජීවත් වෙනවා නම් හැදිච්ච ජාතියක් ලෙස ශීලාචාර ජාතියක් ලෙස මනුෂ්‍ය යෝ හැටියට හරි දේ කරන්න .ඒක වෙච්ච නැති නිසා තමයි අපි විනාශ ගොඩකට මේ රට අර ගෙන ගිහිං තියෙන්නේ .අද මත්කුඩු ව්‍යාපාරය මේ දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්ත වෙලා .මේවා පාලනය කරන්න අපි කටයුතු කර ගෙන යන බවද  අමාත්‍යවරිය සදහන් කළාය.

උත්සවය සදහා අති පුජ්‍ය නාපාන ප්‍රේමසිරි මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා නියෝජ්‍ය අමාත්‍ය සාරථී දුෂ්මන්ත මිත්‍රපාල බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍ර ප්‍රේම ගමගේ යන මහත්වරුන් ද එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හිරුණිකා ගෝඨාභයට අභියෝග කරයි

Mohamed Dilsad

ජ.වි.පෙ විරෝධතාවයට ක්ෂේත්‍ර ගණනාවක සහය

Mohamed Dilsad

ආගමන හා විගමන නිලධාරීන් අද අකුරට වැඩ

Mohamed Dilsad

Leave a Comment