ප්‍රමුඛ පුවත 1

ඥානසාර හිමියන්ට වසර 6ක බරපතළ වැඩ සහිත සිරදඬුම්

(UTV| කොළඹ) – අධිකරණයට අපහාස කළේ යැයි කියන චෝදනා හතරකට වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානය ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවම් නියම කළ අභියාචනාධිකරණය සිරදඬුවම වසර 6කින් ගෙවිය යුතු බව නියම කළේය.

අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ශිරාන් ගුණරත්න යන විනිසුරුවරු විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

මෙම තීන්දුව දෙමින් විනිසුරුවරු සඳහන් කර සිටියේ ඥාණසාර හිමියන්ට එරෙහිව ඉදිකර තිබූ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ චෝදනා 4  කටඋන් වහන්සේ වරදකරු කරණ බවයි.

2016 වසරේ ජනවාරි මස මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණ භූමිය තුළ කලහාකාරී ආකාරයෙන් හැසිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කිරීම, රජයේ නීතිඥවරුන්ට අපහාසයක් සිදු කිරීම ඇතුළු චෝදනා උන්වහන්සේට එරෙහිව ගොනු කර තිබුණි.

ඒ අනුව මෙම දඬුවම් නියම කළ අභියාචනාධිකරණය මෙම තීන්දුව පිළිබඳව වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා වෙත දැනුම්දෙනු මෙන්න නියම කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී වගඋත්තරකරු ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී නොසිටි අතර උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ උන්වහන්සේ අසනීප ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

හෝමාගම හිටපු මහේස්ත්‍රාත් වරයෙකු මෙන් ම වත්මන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අභියාචනාධිකරණයට  කරන ලද පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් ඥාණසාර හිමියන්ට එරෙහිව චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබුණි.

(UTV| කොළඹ)10.30 am – බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමීයන් අධිකරණයට අපහාස කිරිමේ සිද්ධියට අදාළව චෝදනා 04 කට වැරදිකරු බව අභියාචනාධිකරණය අද (08) තීන්දු කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා ඇතුලු ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව නිකුත් කළේය.

මහේස්ත්‍රාත්වරයා විනිශ්චයාසනයේ රැදී සිටින අවස්ථාවකදී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය තුලට පැමිණ අධිකරණයට අපහාස වන ලෙස බැණ වැදුණු බවට එවකට හෝමාගම මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ රංග දිසානායක මහතා අභියාචනාධිකරණයට කළ පැමිණිල්ලක් අනුව අදාළ නඩු විභාගය සිදු කරනු ලැබුණී.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් ඝාතනය කළ බව පැවසෙන සිද්ධියට අදාළ නඩු විභාගය හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය තුල විභාග කරමින් සිටි අවස්ථාවක මෙම සිදුවීම සිදුව විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් මන්ත‍්‍රීවරියකට පහර දෙයි [VIDEO]

Mohamed Dilsad

ඉන්දීය ධිවර යාත්‍රා කොන්දේසි සහිතව නිදහස් කිරිමේ තීරණයක්

Mohamed Dilsad

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව හෙට රැස්වේ

Mohamed Dilsad

Leave a Comment