ප්‍රමුඛ පුවත 1

දුම්රිය වර්ජනය තවදුරටත්

(UTV| කොළඹ) – දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බව එම වෘත්තිය සමිති පවසයි.

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් පසුගිය බදාදා පස්වරු 3 සිට වර්ජනයක නිරත වී සිටියි.

මේ නිසා මඟී ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත් වුහ.

දුම්රිය වෘත්තිය සමිති පවසන්නේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබාදෙන තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

ඊයේ(09) පස්වරුවේ දුම්රිය 08ක් කොළඹ කොටුවේ සිට දුර බැහැර ප්‍රදේශවලට යොමු කිරීමට දුම්රිය පාලක මැදිරිය පියවර ගෙන තිබුණි.

මේ අතර අද(10) උදෑසන 04.45ට පමණ මහව දුම්රිය ස්ථානයේ සිට කොළඹ බලා දුම්රියක් පිටත් වු බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.

දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර ලබාගත් මගීන්ට ලංගම බස් රථ වල ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති අතර මඟී අවශ්‍යතාව අනුව බස් රථ ධාවනය කරවිමට යුධ හමුදාව ද ඉදිරිපත්වී සිටියි.

මේ අතර වර්ජනය නවත්වා සාකච්ඡාවට පැමිණෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සියලු වෘත්තිය සමිතිවලින් ඉල්ලීමක් කර තිබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික පාසල්වල 40,000 කට අධික ශිෂ්‍ය පුරප්පාඩු පිරවීමට පියවර

Mohamed Dilsad

මහින්ද නඩු මගට

Mohamed Dilsad

දෙමළ පක්ෂවල අවසන් සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් [UPDATE]

Mohamed Dilsad

Leave a Comment