ප්‍රමුඛ පුවත 1

රුපියල් මිලියන 2500ක වියදමින් ඉදිකෙරෙන රත්නපුර නව අධිකරණ සංකිර්ණයට මුල් ගල තැබිම අද

(UTV| කොළඹ) – රුපියල් මිලියන 2500ක වියදමින් ඉදිකිරිමට නියමිත නව අධිකරණ සංකිර්ණයට මුල්ගල් තැබිමේ උත්සවය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ ආරාධනයෙන් අග්‍ර විනිශ්චයකාර ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් අද  (10) දින පෙ.ව.10.00ට රත්නපුර නව නගරයේ, උසාවි සංකිර්ණ භුමියේදි පැවත්වේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ උසාවිවල පවතින තදබදය හා එහි දැනට ඇති ගොඩනැගිලි යල්පැන ගිය ස්වභාවය මෙන්ම භුමියේ පවත්නා ගැටළු සහගත තත්වය හේතුකොට ගෙන  මෙම අධිකරණ සංකිර්ණය කඩිනමින් ඉදිකිරිම සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබේ .

මෙම සංකිර්ණයේ මහෙස්ත්‍රාත් අධිකරණ 02ක්,දිසා අධිකරණ 02ක්,මහ අධිකරණ  03ක්,කම්කරු  විනිශ්චයසභා  01ක්, මේ සඳහා වියදම රුපියල් මිලියන  2500 ක් වන අතර මෙහි ඉදිකිරිම් වසර 03කින් අවසන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

බැඳුම්කර සිද්ධියේ කෝප් කමිටු වාර්තාව අද විවාදයට

Mohamed Dilsad

‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන් බේබි පවුඩර්’ තහනම් කරයි

Mohamed Dilsad

Leave a Comment