ප්‍රමුඛ පුවත 1

කොළඹ ආරක්‍ෂක සමුළුව – 2018 අගෝස්තු 30 සහ 31 කොළඹදී

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සංවිධානය කරනු ලබන දේශීය සහ විදේශීය බුද්ධිමතුන් සහ විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් කලාපීය සහ ජාත්‍යන්තර වශයෙන් කැපීපෙනෙන ගැටළු පුළුල්ව හඳුනාගෙන ඒ පිළිබඳව විශ්ලේෂණය කරමින් අගෝස්තු මස 30 සිට 31 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට නියමිත ‘කොළඹ ආරක්‍ෂක සමුළුව – 2018’ හි මාධ්‍ය හමුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (07) දින ගලදාරී හෝටලයේ දී පවත්වනු ලැබීය.

වසර 8 කට පෙර ආරම්භ කරන ලද මෙම සමුළුවේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නවක කෙඩෙට් නිලධාරීන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා අනාගත රණවිරුවන්, විශ්ව විද්‍යාල උපාධිදාරීන් ගෝලීය ආරක්‍ෂාව පිළිබඳව විවිධ පැතිකඩයන් ඔස්සේ මෙවැනි ශාස්ත්‍රිය වටිනාකමක් ඇති අධ්‍යයනයන් තුලින් සංකීර්ණ ගැටලුවලට යුද්ධ හමුදාවක් ලෙස ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.

එම මාධ්‍ය හමුව සඳහා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු, යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ, පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි සහ අධ්‍යක්‍ෂ ජනමාධ්‍ය බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ද එක්ව සිටියහ.

එහිදි අදහස් දැක්වූ යුද්ධ හමුදාධිපතිතුමන් “වේගයෙන් වෙනස් වෙමින් පවතින ගෝලීය ගැටළු සාමූහික වශයෙන් සාකච්ඡාවට ලක්කිරීම, එම ගැටළු විසදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සහ ක්‍රමෝපායන් ගවේෂණය කිරීමේ හැකියාව ඇති මෙම වාර්ෂික සමුළුව සඳහා අපගේ පණිවිඩය ලෝවපුරා ප්‍රචලිත කරමින් ආරක්‍ෂක පාර්ශවකරුවන්, විශේෂඥයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ආරක්‍ෂක ප්‍රවීණයින් සහ විශ්ලේෂකයින් සහභාගිවීමට නියමිතය. එමෙන්ම, දෙවන සැසිවාරය අවසානයේ විවිධ කණ්ඩායම් සඳහා ඔවුන්ගේ නිගමන ඉදිරිපත් කිරීමට ද අවස්ථාවක් ලැබෙනු ඇත. මෙම වසරේ සැසිවාර සඳහා විදේශ විද්වතුන් 100 ක් පමණ සහභාගි වනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු” යනුවෙන් පැවසීය.

තවද මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්න වලට පිළිතුරු සැපයූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් සේනානායක, ආසියානු ශාන්තිකර කලාපය ස්වභාවික ව්‍යසනයන් වලට බෙහෙවින් ගොදුරු වන බවත්, කලාපය සහ ලෝකය පුරා විසිරී සිටින සියලුදෙනා එක්වී සාමූහික එම ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා කටයුතු කළ යුතු බවත් පැවසීය. “ඇතිවිය හැකි බලපෑම් සෑමවිටම වෙනස් වන අතර ඒවාට මුහුණදීමට විවිධ හැකියාවන් අවශ්‍ය වේ. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එවැනි තත්ත්වයකට ගෙනඒමට උත්සහා කරනවා” යනුවෙන් පැහැදිලි කළේය.

මෙම වසරේ කොළඹ ආරක්‍ෂක සම්මන්ත්‍රණය, ආරක්‍ෂක අමාත්‍යාංශය සමඟ සම්බන්ධතාවයෙන් යුතුව සංවිධානය කර ඇති අතර, එහිදි ගෝලීය හා කලාපීය ගැටළු පුළුල් පරාසයක් මත සාකච්ඡා කරනු ඇත. යුද්ධ හමුදාධිපතිතුමා සහ යුද්ධ හමුදා මුලස්ථාන පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රමුඛ විශේෂ කමිටුවක අධීක්‍ෂණය යටතේ මෙවර ‘කොළඹ ආරක්‍ෂක සම්මන්ත්‍රණය’ පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඔස්ට්‍රේලියාවේ අනවසරයෙන් රැදීසිටි ලාංකිකයන් 25 දෙනෙකු හරවා එවයි

Mohamed Dilsad

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනිමේ නිල උත්සවය 17..

Mohamed Dilsad

ඇවන්ගාඩ් නඩුව කල් යයි

Mohamed Dilsad

Leave a Comment