ප්‍රමුඛ පුවත 1

ත්‍රීරෝධ රථ පැදවීමට 35ට වැඩි විය යුතුයි

(UTV| කොළඹ) – ත‍්‍රිරෝද රථවලින් මගී ප‍්‍රවාහනය සඳහා අවුරුදු 35 ට වැඩි හා අවුරුදු 70 ට අඩු පුද්ගලයින්ට පමණක් අවසර ලබා දීමට ප‍්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇත.

එ අනුව අදාළ තැනැත්තන් අවුරුදු 35 ට නොඅඩු සහ අවුරුදු 70 ට නොවැඩි විය යුතු බවත්, මෝටර් ට‍්‍රයිසිකල් ධාවනය සඳහා රියැදුරු බලපත‍්‍රය ලබා ගැනීමෙන් පසු අවම වශයෙන් වසර දෙකක කාල සීමාවක රිය පැදවීමේ පළපුරුද්දක් තිබිය යුතු වෙයි.

මේ සම්බන්ධව ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අංක 2081/44 දරණ අතිවිශේෂ ගැසට් පත‍්‍රයේ සඳහන් වේ.

සුදුසුකම් සම්පූර්ණ කර ඇති පුද්ගලයින් වෛද්‍ය සහතිකයක්, දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස අදාළ තැනැත්තා ලියාපදිංචි වී නොමැති බවට තහවුරු කෙරෙන පොලිස් වාර්තාවක් සහ රුපියල් දෙදහසක ගාස්තුවක් සමඟ ත‍්‍රිරෝද රථවල මඟී ප‍්‍රවාහනය සඳහා අවුරුදු 35 ට වැඩි හා අවුරුදු 70 ට අඩු පුද්ගලයින්ට පමණක් අවසර ලබා දීමට ප‍්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇත.

සුදුසුකම් සම්පූර්ණ කර ඇති පුද්ගලයින් වෛද්‍ය සහතිකයක්, දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස අදාළ තැනැත්තා ලියාපදිංචි වී නොමැති බවට තහවුරු කෙරෙන පොලිස් වාර්තාවක් සහ රුපියල් දෙදහසක ගාස්තුවක් සමඟ මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මඟින් ප‍්‍රවාහනය සඳහා අදාළ ත‍්‍රිරෝද රථයට අවසර ලබා දෙන  විශේෂ පිටසන මෝටර් රථ  ප‍්‍රවාහන කොමසාරිස්වරයා විසින් නිකුත් කරනු ලබන බව ද එම ගැසට් පත‍්‍රයේ සඳහන් වේ.

මෙම විශේෂ පිටසන නොමැතිව ත‍්‍රිරෝද රථවල මගී ප‍්‍රවාහනය තහනම් වන බව ද මෙම ගැසට් නිවේදනයේ සඳහන්  වන නමුත් නව නීතිය කවදා සිට ක‍්‍රියාත්මක වන්නේ දැයි එහි සඳහන් ව නැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රීරෝද රථ ගාස්තු හෙට සිට පහළට

Mohamed Dilsad

සහල් මිල ගැන තීරණයට සාකච්ඡාවක් [VIDEO]

Mohamed Dilsad

ත්‍රී රෝද රථවලට Wifi සහ මාර්ග සිතියම් පහසුකම් – ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථවලට තවත් සහන

Mohamed Dilsad

Leave a Comment