ප්‍රමුඛ පුවත 1

පෞද්ගලික රෝහල්වල අයකිරීම් 46 ක මිල අඩු වන බවට ප්‍රකාශයක්

(UTV| කොළඹ) – පෞද්ගලික රෝහල්වල විවිධ අයකිරීම් 46 ක මිල අඩු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි

සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ  කළුතර දිස්ත්‍රික් සැසිවාරය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර පැනරාමා හෝටලයේ දී පැවැත්විනි.
මෙහිදී අදහස් දැක් වු සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ “අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 නියාමනය කරන විට ඖෂධ ආනයනය කරුවන්ගේ වාණිජ මණ්ඩලය සහයෝගය ලබාදුන්නේ නැහැ. නමුත් සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය සහ සුළු ආනයනය කරුවන් මට සහයෝගය ලබාදුන්නා. එම නිසා මමත් එම සංගමයේ ඉල්ලීම් ඉටු කළා. ඖෂධ සමාගම් වලින් විවිධ බලපෑම් එල්ලවන අවස්ථාවක රට වෙනුවෙන් නැගී සිටීම ඉතාම අගය කළ යුතුයි”.
“මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඖෂධ ප්‍රතිපත්තිය වසර 45 ක් පුරා කථා කළත් ක්‍රියාත්මක කිරීමට නොහැකි වුනා. එම ප්‍රතිපත්තියේ තිබෙන්නේ දේශපාලනය නොවෙයි. මහජන හිතවාදී සෞඛ්‍ය ප්‍රතිපත්තියයි. කුහක දේශපාලනය උඩ සෑම ප්‍රතිපත්තියක්ම දේශපාලනයට නතුකර ගන්නවා. විවේචනය කරනවා”.
“පෞද්ගලික රෝහල්වල මිල නියාමනය කරනවා. විවිධ අයකිරිම් 46 ක මිල නියාමනය කිරිමට ඉදිරියේ දී කටයුතු කරනවා. පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගියෙකුගේ ඥාතීන් අද උදෑසන මට කථා කළා. එම රෝගියාට සිහිය නැති වුනත් මේ වන විට රෝහල් බිල රුපියල් ලක්ෂ 20 ක් වෙලා. එම රෝගියා පෞද්ගලික රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට ගෙනඒමට මම කටයුතු සුදානම් කළා. පෞද්ගලික රෝහල් වලින් ලබාදෙන බිල දැක්කාම තවත් පපුවේ අමාරුවක් හැදෙනවා. පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය මුදල් පසුපස යන්නේ නැතිව මානව දයාවෙන් කටයුතු කරනවා. ලාභය පමණක් නොව මානව සේවාවත් ඉටු කරනවා”.
මෙහිදී සංගමයේ පැරණි සාමාජිකයින් 05 කට සහතික පත්‍ර ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් ලබාදෙන  ලදි.
මෙම අවස්ථාවට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා, සංගමයේ සභාපති චන්දික ගන්කන්ද, ලේකම් සම්පත් කොතලාවල යන මහත්වරුන් සහ කළුතර දිස්ත්‍රික්කයේ ඔසුසල් හිමියන් එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංකා ගුරු සංගමයෙන් චෝදනාවක්

Mohamed Dilsad

අද්මිරාල් කරම්බීර් සිං අගමැති හමුවෙයි [VIDEO]

Mohamed Dilsad

ඩෙංගු මරණ සංඛ්‍යාව 100ය ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment