ප්‍රමුඛ පුවත 1

නායයාමේ අවධානමක්,පවුල් 12ක් ආරක්‍ෂිත ස්ථානවලට

(UTV| කොළඹ) – මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තව දුරටත් ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ නායයාමේ අවධානමක් මතුව තිබේ.

මේ හේතුවෙන් නානුඔය ඩෙස්පොඩ් වතු යායේ පහල කොටසේ  වතු කම්කරු පවුල් 12 කට අයත් සමාජිකයන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ බව නුවරඑලිය ප්‍රාදේශිය ලේකම් කාර්යයාලය පවසයි.

පැවති අධික වර්ෂාවත් සමඟම ඊයේ(13)  එම වතු යායේ වතු නිවාස පේලියක ආරක්ෂිත පැති බැම්මක් කඩා වැටි ඇත.

ඒ සමඟම එම වතු කම්කරුවන් පදිංචි  වතු නිවාස පේලිය නායයාමේ  අවධානමක් හේතුවෙන් එම නිවාසවල පදිංචි පවුල් 12 අදාළ සමාජිකයන් 28 දෙනෙකු එම වතු යායේ දමිළ විද්‍යාලයක තාවකාලිකව නතර කළ බව ප්‍රාදේශිය ලේකම් කාර්යයාලයේ නිලධාරින් සඳහන් කළේය.

එම වතු කම්කරු සමාජියන්ට අවශ්‍ය පහසුකම් සැලසිමට ප්‍රාදේශීය ලේකම් කාර්යයාලය කටයුතු කර ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධනයන අභාවප්‍රාප්ත වේ

Mohamed Dilsad

එජාපයේ විරෝධතාවයෙන් පුරහල අවට දැඩි තදබදයක්

Mohamed Dilsad

අන්තරේ විරෝධතා අද සහ හෙට

Mohamed Dilsad

Leave a Comment