ප්‍රමුඛ පුවත 1

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1300 ක් කඩිනමින් බදවා ගැනීමට සුදානම්

(UTV| කොළඹ) – පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ හිගය අවසන් කිරිම සදහා ඉදිරියේ දී 1300 ක් කඩිනමින් බදවා ගැනීමට මෙහිදී තීරණය විය හිගය අවසන් කිරිම සදහා ඉදිරියේ දී 1300 ක් කඩිනමින් බදවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය මුහුණ දී ඇති ගැටලු පිළිබද විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගිය දා පැවවත්ව ඇති අතර එහිදී මෙම තීරණයට එළඹ තිබේ.

මේ වන විට හෙඳ පාසල්වල පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 473 ක් පුහුණුව ලබන අතර ඔවුන් පුහුණුව අවසන් කිරීමෙන් පසු පත්වීම් ලිපි ප්‍රදානය කිරිමට නියමිතය.

තව ද පසුගිය දිනවල නැඟෙනහිර පළාතට ලබා දී ඇති පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 20 ක් ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇති බැවින් ඔවුන් වෙනත් සේවා ස්ථාන සදහා යොමු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදෙන ලදි.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සදහා නව නිල ඇදුමක් හදුන්වාදිම පිළිබදව සාකච්ඡාවට එක් වූ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සතුට පළ කරන ලදි. නමුත් උතුරු පළාතේ සේවය කරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට එම නිල ඇදුම භාවිත නොකරන ලෙසට පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා දැනුම් දී තිබුනි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන චක්‍රලේඛ දිවයිනටම ක්‍රියාත්මක වන බැවින් නව නිල ඇදුම උතුරු පළාතේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ද භාවිත කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් පුහුණු කිරීම සදහා කළුතර යටදොලවත්ත ප්‍රදේශයේ පුහුණු පාසලක් ආරම්භ කිරීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරුනි. දැනට භාවිත නොකරන ගොඩනැගිලි සංකීර්ණයක් යටදොලවත්ත ප්‍රදේශයේ ඇති බැවින් එය අළුත්වැඩියා කර භාවිතා කිරීමට හැකියාව ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ ගමන් වියදම් දීමනාව වැඩිකර දෙන ලෙස මෙහිදී ඉල්ලීමක් ඉදිරිපත් විය. මේ පිළීබදව වැටුප් කොමිසම සමග සාකච්ඡා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, අතිරේක ලේකම් ලක්ෂ්මි සෝමතුංග මහත්මිය, සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය ඇතුලු නිලධාරින් එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහත්මා ගාන්ධි චරිතය අධ්‍යයනය කර එහි ආදර්ශ කි‍්‍රයාවට නැංවීමට ජනපති ලෝක නායකයින්ට ආරාධනය කරයි

Mohamed Dilsad

තඹ කම්හලේ සේවය කළ සැකකරුවන්ට ටී.අයි.ඩීයේ පෙනී සිටිමට නියෝග.

Mohamed Dilsad

සාපෙළ හැදෑරු සෑම සිසුවෙකුටම උසස් පෙළ හැදෑරීමට පුළුවන් – අධ්‍යාපන ඇමති කියයි

Mohamed Dilsad

Leave a Comment