ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී විමල් තවදුරටත් රිමාන්ඩ් භාරයේ

(උදයම්,කොළඹ) – පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ලබන මස 06 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

ඔහු  අද(20) කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ නියෝගය නිකුත් කර ඇත.

රජයේ වාහන අවභාවිත  කිරීමේ චෝදනා මත පොලිස් මූල්‍ය  අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මේ අතර එම චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය  සාමාන්‍යාධිකාරීවරයා ඇප මත මුදාහැර තිබේ.

Related posts

ජගත් ආසියානු ශාන්තිකර කලාපීය පරිසර සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්.

Mohamed Dilsad

නිදහස් පක්ෂයේ සභාපති ධූරය නැවතත් මෛත්‍රීට

Mohamed Dilsad

ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජාතික ධජය 1 දා සිට 7 දා දක්වා ඔසවා තබන්න

Mohamed Dilsad

Leave a Comment