විදෙස්

IMF ප්‍රධානී වරදකරු වෙයි

(උදයම්,ප්‍රංශය)  – අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාඩ් ප්‍රංශ අධිකරණයක් මගින් ඊයේ වැරදිකාරියක් ලෙස නම් කළේය.

මෙලෙස ඇය වරදකාරිය වී ඇත්තේ ප්‍රංශයේ මුදල් අමාත්‍යවරිය ලෙස සිටි සමයේ ඇය විසින් ව්‍යාපාරිකයෙකුට යුරෝ මිලියන 404ක අරමුදලක් පිරිනැමීම නිසාය.

නමුත් මේ වනවිට ඇමරිකාව බලා ගොස් සිටින ඇය ඊයේ අධිකරණයේ පෙනී නොසිටි බව වාර්තාවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාඩ්  වැරදිකාරියක වුවද ඇයට දඬුවමක් පැනවීමට අදහස් නොකරන බවයි ප්‍රංශ අධිකරණය ප්‍රකාශ කර තිබේ.

Related posts

පිරිමි දරුවන් තිදෙනෙකුගේ මළ සිරුරු හමුවිමත් සමඟ පකිස්තානයේ විරෝධතා [VIDEO]

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවට ගිය වියට්නාම සංක්‍රමණිකයන් යළි වියට්නාමය බලා නැවත පිටත් කර යැවෙයි

Mohamed Dilsad

චීනයේ වෛරස් රෝගීන් වැඩි වෙයි

Mohamed Dilsad

Leave a Comment