විදෙස්

ඉන්දියාව සිය 72 වන නිදහස් දිනය සමරයි

(UTV|ඉන්දියාව) – ඉන්දියාව අද(15) 72 වන නිදහස් දිනය  සමරනු ලබයි.

1947 අගෝස්තු 15 වන දින ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුවේ අද වැනි දිනකයි.

නිදහස් දිනයට සමගාමීව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් රජයේ අරමුදලින් ක්‍රියාත්මක වන ලොව විශාලත ම සෞඛ්‍ය වැඩසටහන ආරම්භ කිරීමට නියමිතය.

“ආයුෂ්මාන් භාරත්” ලෙස හැඳින්වෙන මෙම වැඩසටහන සඳහා ඉන්දීය මධ්‍යම රජය මේ වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 10000කි.

එහි අරමුණ වන්නේ දරිද්‍රතාවයෙන් පෙළෙන සෑම ඉන්දීය පවුලකටම වාර්ෂිකව ලක්ෂ 5ක සෞඛ්‍ය ආවරණයක් ලබා දීම ය.

දිළිඳු, දුෂ්කර ප්‍රදේශවල ජීවත්වන පවුල් වෙත මෙහිදී විශේෂ අවධානය යොමු කෙරෙනු ඇත.

නිදහස් දින සැමරුම හමුවේ ඉන්දියාවේ රතු බලකොටුව, නවදිල්ලිය සහ සෙසු ප්‍රධාන නගරවල ආරක්ෂාව තර කර තිබේ.

නවදිල්ලි අගනුවර ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 70000 ක් යොදවා ඇති අතර රතු බලකොටුවට යොදවා ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 10000ක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

මීට අමතරව ස්නයිපර් තුවක්කු කණ්ඩායමක්, කමාන්ඩෝ භට කණ්ඩායම් මෙන් ම ගුවන් යානා නාශක තුවක්කු ද රතු බලකොටුවට යොදවා ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාවේ කොරෝනා මරණවලින් හතරෙන් එකක්ම දින 17 ක් තුළ

Mohamed Dilsad

මිෂෙල් ඔබාමාගෙන් ජනපතිවරණය ගැන ප්‍රකාශයක්

Mohamed Dilsad

ප්‍රාන්ත මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය ඉදිරියෙන්

Mohamed Dilsad

Leave a Comment