ව්‍යාපාරික

කාර්මික නිෂ්පාදන දර්ශකය ඉහළට

(UTV| කොළඹ) – 2017 වර්ෂයේ ජුනි මස කාර්මික නිෂ්පාදන දර්ශකයට සාපේක්ෂව මෙම වසරේ ජුනි මාසයට අදාළ නිෂ්පාදන දර්ශකයෙහි සියයට බින්දුවයි දශම 4ක වර්ධනයක් වාර්තා වන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ 2017 වසරේ ජුනි මාසයේ කාර්මික නිෂ්පාදන දර්ශකයේ අගය 104යි දශම 4ක් වන අතර මෙම වසරේ ජුනි මාසයට අදාළ කාර්මික නිෂ්පාදන දර්ශකයේ අගය 104යි දශම 8ක් වන බවය.

අඟුරු නිෂ්පාදනය, ඛනිජ තෙල් ද්‍රව්‍ය. පිරිපහදුව, ලෝහ නිෂ්පාදනය සහ රෙදි නිෂ්පාදනයන් වල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්විය.

කෙසේවුවත් කඩදාසි නිෂ්පාදන, විදුලි උපකරණ නිෂ්පාදන, මූලික ඖෂධ හා ඖෂධ සම්බන්ධ සැකසීම්වල පෙර වසරේ ජුනි මාසයට සාපේක්ෂව අඩුවීමක් දක්නට ලැබෙන බව එහි සඳහන්ව තිබේ.

මෙම කාර්මික නිෂ්පාදන දර්ශකය ආර්ථික වර්ධන වේගය මෙහෙයවන ප්‍රධාන අංශ හඳුනාගැනීමේදී සහ ආර්ථික ක්‍රියාකාරීත්වය ඇගයීමේදී ඉතා වැදගත් මිනුමක් ලෙස සලකන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා අද සිට වැටලීම් ඇරඹේ

Mohamed Dilsad

වසරින් වසර ත්‍රිපෝෂ නිෂ්පාදනය අඩු වෙයි

Mohamed Dilsad

වටවල වැවිලි සමාගම පාම් ඔයිල් සඳහා RSPO සහතිකය හිමි කර ගත් දකුණු ආසියාවේ ප‍්‍රථම සමාගම බවට පත් වෙයි

Mohamed Dilsad

Leave a Comment