ප්‍රමුඛ පුවත 1

ත්‍රීවිල් පැදවීමට අදාළව නියෝග කිහිපයක් ගැසට් කෙරේ

(UTV| කොළඹ) – පොදු සේවා මෝටර් ට්‍රයිසිකල් (ත්‍රීරෝද) පැදවීමට අදාළව විශේෂ නියෝග කිහිපයක් ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් එම කාර්ය උදෙසා රියැදුරු බලපත්‍රය මත පිටසන් කරන ලද විශේෂ පිටසන හැර, එකී නියෝග අදාළ වන්නා වූ කිසිදු තැනැත්තෙකු විසින් පොදු සේවා මෝටර් ට්‍රයිසිකලයක් (ත්‍රීවිල්) පැදවීම කළ නොහැක.
මෙම නියෝග යටතේ පිටසනක් ලබාගැනීම සඳහා ඉල්ලුම් කරන සෑම තැනැත්තෙක්ම අවුරුදු 35 ට නොඅඩු සහ අවුරුදු 70 ට නොවැඩි විය යුතු අතර, මෝටර් ට්‍රයිසිකල් ධාවනය සඳහා රියැදුරු බලපත්‍රය ලබා ගැනීමෙන් පසු අවම වශයෙන් වසර දෙකක කාල සීමාවක රිය පැදවීමේ පළපුරුද්දක් තිබිය යුතුය.
පිටසනයක් ලබාගැනීම සඳහා වෛද්‍ය සහතිකයක්, මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් සැලසුම් කළ හෝ අනුමත කළ සහ මෙහෙයවන පුහුණු කිරීමේ පාඨමාලාවක් හෝ කොමසාරිස්වරයා විසින් බලය දෙන ලද ආයතනයක් විසින් මෙහෙයවන පුහුණු කිරීමේ පාඨාලා සහතිකයක්, දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස අදාළ තැනැත්තා ලියාපදිංචි වී නොමැති බවට තහවුරු කෙරෙන පොලිස් වාර්තාවක් සහ රුපියල් දෙදහසක ගාස්තුවක් සමඟ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කිරීමද අනිවාර්යය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රන් භාණ්ඩ කොල්ලයට අතදන්ගුවට් ගත පොලිස් නිලධාරීන් ඇතුළු පිරිස රිමාන්ඩ්

Mohamed Dilsad

උදයංග වීරතුංග රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

ලංගම සේවකයින් පිරිසක් වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment