ක්‍රීඩා

මාලිංග ගැන සහ වේග පන්දුයවන්නන් ගැන හතුරු කියන කතාව

(UTV| කොළඹ) – වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට කණ්ඩායමට පැමීණිමට නම් දේශිය තරගාවලියට ක්‍රීඩා කර දස්කම් පෙන්වා පැමීණිය යුතු බව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණූකරු මෙන්ද තෙරිම් කමීටු සමාජීකයෙක් වු චන්දික හතුරුසිංහ මහතා පැවසීය.

දකුණූ අප්‍රිකා තරගාවලිය සම්බන්ධයෙන් ඊයේ (15) කොළඹ ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේදි ලසිත්ගේ අනාගතය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමීන් හෙතෙම මෙ බව සඳහන් කළේය.

“අනිත් ඕනම ක්‍රීඩකයෙක් වගේ නැවත කණ්ඩායමට එන්න එයාටත් අවස්ථාව තියෙනවා. එයා දේශීය තරගාවලියට ආයෙත් ක්‍රීඩා කරන්න ඕනේ. එම තරගාවලියෙදි ඔහු හොඳින් දස්කම් දැක්වූවොත්, තේරීම් කමිටුවට අවස්ථාව තියෙනවා, එයාගේ දක්‍ෂතාවයත්, අපේ කණ්ඩායමේ අවශ්‍යතාත් අනුව නැවතත් එයාව කණඩායමට තෝරාගන්නවාද නැද්ද කියන එක ගැන තීරණයක් ගන්න”

එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් වරින් වර විවිධ ශාරීරික ආබාධ වලට ලක්වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ මෑත කාලන දස්කම් වලට ඉතාමත් අහිතකර ලෙසින් බලපෑ නමුත් මේ වන විට තත්ත්වය තරමක් දුරට සමනය වෙමින් පවතින බවද හතුරුසිංහ මහතා මෙහිදි වැඩිදුරටත් පැවසීය.

“පසුගිය හය මාසයක කාලය ඇතුළත ඒ සම්බන්ධයෙන් අපි සීඝ්‍ර දියුණුවක් ලබා තියෙනවා. පසුගිය මාස හතරක කාලයේදීම කෙණ්ඩා ඉරියාම් වැනි දේවලට අපේ ක්‍රීඩකයන් මුහුණ දුන්නේ නෑ….ඒ සම්බන්ධයෙන් භෞත චිකිත්සකවරුන්ටත් අභ්‍යාසක වරුන්ටත් ගෞරවය හිමිවිය යුතුයි”

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවට ජය

Mohamed Dilsad

බංග්ලාදේශ නායකත්වයට යළිත් ශකීබ් අල් හසන්

Mohamed Dilsad

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම බංග්ලාදේශයට: මෙන්න තරඟ කාල සටහන, පුහුණුකරු චමින්ද වාස්

Mohamed Dilsad

Leave a Comment