ප්‍රමුඛ පුවත 1

වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත විරෝධය පෑ රැඳවියන් ගැන පියවරක් ගන්න සුදානම්

(UTV| කොළඹ) – පසුගිය සදුදා සිට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැදවියන් කිහිප දෙනෙකු බන්ධනාගාරයේ වහලය මතට නැග ආරම්භ කළ උද්ඝෝෂණය සම්බන්ධයෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කර තිබේ.

මෙම උද්ඝෝෂණයේ නිරත කාන්තා රැදවියන් කුඩු ජාවාරමට ,මුදල් වංචාවන්ට හා වෙනත් සමාජ විරෝධී කටයුතුවලට සම්බන්ධ රැදවියන් වන අතර ඔවුන් විසින් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සිර කුටි වල වහලය මතට නැග උද්ඝෝෂණයේ නිරත වුයේ විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරමිනි.

පසුගිය දිනක වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා ඒකකය භාර ප්‍රධානතම ජේලර්වරියට වැලිකඩ බන්ධනාගාරයේ සිට බදුල්ල බන්ධනාගාරයට ස්ථාන මාරුවීමක් ලබාදීමට විරෝධය පල කරමින් බන්ධනාගාර පරිශ්‍රයේ විරෝධතා ව්‍යාපාරයක යෙදුන මෙම කාන්තා රැදවියන් එය තවදුරටත් ව්‍යාප්ත කරමින් බන්ධනාගාරයේ වහලය මතට නැග 2018.08.13 වන දින සිට විරෝධතා ව්‍යාපාරයන් දියත් කරන ලදී.

මෙම රැදවියන් විසින් ඊට සමගාමීව තමන්ට ඇති නඩු කඩිනමින් පවරන ලෙසත්, ඇප ලබා දෙන ලෙසත් ,ඉල්ලීම් ලෙස ඉදිරිපත් කරන ලදී.

මේ පිළිබදව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සදහන් කළේ මෙම උද්ඝෝෂණයේ නිරත වන පිරිසට වහලයෙන් බිමට බැස සාකච්ඡා සදහා ඉදිරිපත් වන ලෙසයි.

මෙම ප්‍රකාශයන් නොසළකා පෙරේදා දිනය වන තෙක්ම අදාළ කාන්තා රැදවියන් බන්ධනාගාරයේ වහලය මතට නැග උද්ඝෝෂණයේ නිරත විය.මේ තත්වය සැළකිල්ලට ගෙන අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් විසින් මෙම රැදවියන් වහලයෙන් බිමට බැසීමෙන් පසුව අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡාවක් ලබාදීමට කටයුතු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වෙත දන්වන ලදී.

පසුව ඔවුන් සාකච්ඡාවක් සදහා කැමැත්ත පළ කරන ලදී .ඒ අනුව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්වරියගේ උපදෙස් අනුව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර  ලේකම් බන්දුල ජයසිංහ, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමියගේ උපදේශිකා පද්මිණි රත්නායක, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් අදාළ කාන්තා රැදවියන් සමග සාකච්ඡාවක් පවත්වන ලදී.

මෙම සාකච්ඡාව සදහා කාන්තා රැදවියන් නියෝජනය කරමින් රැදවියන් හය දෙනෙකු සහභාගි වු අතර මෙවැනි උද්ඝෝෂණයක් සිදු කිරීම පිළිබදව තමන් සමාව අයැද සිටින බවත්, ඉදිරියේදී සාමකාමීව හැසිරීමට පොරොන්දු වන බවත් පවසන ලදී.

සාකච්ඡාවේදී උද්ඝෝෂණයේ නිරත වු කාන්තා රැදවියන්ගේ ප්‍රධාන ඉල්ලීම් වුයේ තමන්ට පවතින නඩු පැවරීම කඩිනම් කිරීමට  හා ඇප ලබාදීම  සම්බන්ධයෙන් බලපා ඇති කරුණු පිළිබදව අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව ,රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හා පොලිස් දෙපාර්තමේන්තුව වැනි ආයතන සමග සාකච්ඡා කර අවශ්‍ය මැදිහත්වීම සිදු කර කටයුතු කළ හැකි බවත්, ඒ පිළිබදව ඉදිරියේදී අවශ්‍ය පියවර ගන්නා බවත් අදාළ නිලධාරීන් එම කාන්තා රැදවියන්ට දැනුම් දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දකුණේ පෙර පාසැල් ජුනි 03 වනදා දක්වා වැසේ

Mohamed Dilsad

සියලු රාජ්‍ය ආයතන හරිත බලශක්තියෙන් පණ ගැන්වීමේ ජාතික වැඩපිළිවෙළ අද

Mohamed Dilsad

බරපතළ වංචා දුෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ කටයුතු අවසන් අදියරේ

Mohamed Dilsad

Leave a Comment