ප්‍රමුඛ පුවත 1

“ශ‍්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප උලෙළ 2018“ ජනපති ප‍්‍රධානත්වයෙන්

(UTV| කොළඹ) – “ශ‍්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප උලෙළ 2018“ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද(19) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.

උසස් ප‍්‍රමිතියෙන් යුත් නිර්මාණශීලී ඡායාරූප කලාවක් ප‍්‍රචලිත කිරීමේ සහ උසස් ඡායාරූප රසඥතාවක් ඇති කිරීමට දායක වීමේ අරමුණ ඇතිව රාජ්‍ය ඡායාරූප උපදේශක සභාව, ශ‍්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව වාර්ෂිකව රාජ්‍ය ඡායාරූප උලෙළ සංවිධානය කරනු ලබයි.

කලාවක් ලෙසත්, වෘත්තියක් ලෙසත් ඡායාරූප ශිල්පය ප‍්‍රශස්ත තලයට ඔසවා තබා ජාතික හා ජාත්‍යන්තර තලයට රැගෙන යාම වෙනුවෙන් අනභිභවනීය මෙහෙවරක නියැළෙන ඡායාරූප ශිල්පීන් අගයමින් සම්මාන පිළිගැන්වීම මෙහිදී සිදුවිය.

ඡායාරූප ශිල්පියෙකුට ජීවිත කාලයේදී එක් වරක් පමණක් හිමිකර ගත හැකි “ඡායාරූප අභිමානී“ යාවජීව සම්මානයෙන් ප‍්‍රවීණ ඡායාරූප ශිල්පී හෙන්රි රාජකරුණා මහතා ජනාධිපතිතුමා අතින් පිදුම් ලැබීය.

මිනිස් ක‍්‍රියාකාරකම් හා පාරිසරික බලපෑම්, ජීවන රටා හා සංස්කෘතිකාංග, ස්වභාවදහම, වන ජීවී හා භූ දර්ශන, ජනමාධ්‍ය ප‍්‍රවෘත්ති හා ක‍්‍රීඩා යන ක්‍ෂේත‍්‍ර සහ විවෘත අංශය නියෝජනය කරමින් පළමු ස්ථාන දිනාගත් ජයග‍්‍රාහකයින් වෙත සම්මාන පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ගේ‍්‍රරු, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් අනූෂා ගෝකුල, රාජ්‍ය ඡායාරූප උපදේශක මණ්ඩලයේ සභාපති බර්ටි ගුණසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

Mohamed Dilsad

ජනාධිපති අද විශේෂ තේරීම් කාරක සභාව හමුවට

Mohamed Dilsad

අද මධ්‍යම රාති‍්‍රයේ සිට ඉන්ධන මිල සංශෝධනයට

Mohamed Dilsad

Leave a Comment