ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

දේශීය අර්තාපල් ගොවියාට ඉහළම ආදායමක්

(UTV| කොළඹ) – ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා බදු පැනවීමෙන් දේශීය අර්තාපල් ගොවියාට ඉහළම ආදායමක් ලැබෙන බව රජය පවසයි.

පසුගිය කාලය තුළ අර්තාපල් වැඩිපුර පිටරටින් ආනයනය කිරීම නිසා දේශීය අර්තාපල් ගොවියා සිය නිෂ්පාදන සඳහා ඉහළ මිලක් නොලැබීම හේතුවෙන් අසරණ භාවයට පත්ව සිටියේය.

කෙසේ වුවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දේශීය ගොවීන් සමග කළ සාකච්ඡාවල ප්‍රතිපලයක් වශයෙන් දේශීය අර්තාපල් අස්වනු නෙලා ගැනීමට මාස එකහමාරකට පෙර ආනයනික අර්තාපල් කිලෝවකට රුපියල් 40ක තීරුබද්දක් පැනවන ලදී.

ඒ අනුව මේ වනවිට දේශීය අර්තාපල් අස්වනු නෙලා ගන්නා අතර දැනට දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 140- 160 දක්වා මුදලකට දේශීය ගැනුම්කරුවන් විසින් මිල දී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශයට වාර්තා වී තිබේ.

ඒ අනුව මේ වනවිට දේශීය අර්තාපල් ගොවීන්ට තම නිෂ්පාදන සඳහා මෙතෙක් ඉතිහාසයේ ලැබුනු ඉහළම මිල ලැබී ඇති බව එම ගොවීහු කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අල්ලස්, වත්කම් බැරකම් සහ අල්ලස් කොමිෂන් සභා යන පනත් එක් කොට නව පනතක්

Mohamed Dilsad

පස් කන්දක් කඩාවැටී උඩරට දුම්රිය ධාවනයට බාධා

Mohamed Dilsad

රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට

Mohamed Dilsad

Leave a Comment