ප්‍රමුඛ පුවත 1

විශේෂ මහාධිකරණය අද (21) විවෘත කෙරේ

(UTV| කොළඹ) – රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හා අල්ලස් දූෂණ හා අක්‍රමිකතා සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට පිහිටවූ විශේෂ මහාධිකරණය අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය විසින් අද (21) පෙරවරුවේ විවෘත කරනු ලැබීමට නියමිතය

මෙම විශේෂ මහාධිකරණය කොළඹ රථවාහන අධිකරණය පිහිටුවා තිබූ ගොඩනැගිල්ලේ ස්ථාපනය කර තිබේ.

විවෘත කිරීමෙන් අනතුරුව එය අධිකරණ සේවා කොමිෂන් සභාවට වෙත භාර දීමට නියමිත බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හා අල්ලස් දූෂණ හා අක්‍රමිකතා සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට පිහිට වූ විශේෂ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන මහාධිකරණ විනිසුරුවරුවෝ සහ විනිසුරුවරිය ඇතුළත් වෙති.

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු සිව් දෙනෙකුට ලබන 24 වන දා කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට එහි විනිසුරු මඩුල්ල පසුගිය පළමු වනදා නියෝග කළේ කර අතර එම මෙම මහාධිකරණය හමුවේ නීතිපතිවරයා පැවරූ ප්‍රථම නඩුව වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කුරුමිනියාගල රක්ෂිතයේ හටගත් ගින්න පාලනය කෙරේ

Mohamed Dilsad

කොරෝනා සම්බන්ධයෙන් සාර්ක් නායකයින් සාකච්ඡාවක

Mohamed Dilsad

අම්පාරෙන් මරාගෙන මැරෙන ඇදුම් වලට යොදා ගන්නා උපකරණ සොයා ගනී

Mohamed Dilsad

Leave a Comment