ප්‍රමුඛ පුවත 1

පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පිළිබඳ පක්ෂ නායකයින් අද රැස්වේ

(UTV| කොළඹ) – පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පිළිබඳ පක්ෂ නායක රැස්වීමක් අද (23) පැවැත්වීමට නියමිතය.

ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදීය.

එහිදී එළඹෙන පලාත් සභා මැතිවරණය සහ සීමා නිර්ණ වාර්තාව පිළිබඳව විවාදය සම්බන්ධයෙන් අවධානය යොමුවනු ඇත.

මේ අතර පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පිළිබඳ විවාදය හෙට (24) පැවැත්වෙනු ඇත.

එය පෙරවරු 11.00 සිට පස්වරු 6.00 දක්වා විවාදය පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

අදාළ යෝජනාව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත අතර පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත් නව ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වෙනු ඇත.]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රී ලංකාවට නව පලතුරු විශේෂයක් හඳුන්වා දෙයි

Mohamed Dilsad

මැයි 07 වන සඳුදා දින රජයේ හා බැංකු නිවාඩු දිනයක් -රජයෙන් නිවේදනයක්

Mohamed Dilsad

කුවේට්හි අවතැන් වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට සහන

Mohamed Dilsad

Leave a Comment