ප්‍රමුඛ පුවත 1

යාපනයේ තවත් කල්ලියක් දැයි සැකයක්

(UTV| කොළඹ) – යාපනය කෝපායි පොලිස් වසමේ සහ චුන්නාකම් පොලිස් වසමේ නිවාස 3 කට ඊයේ (22) රාත්‍රීයේ කිසියම් පිරිසක් පැමිණ ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මෙය ආවා කල්ලි ප්‍රහාරයක් බවට සැක කරන බවද චුන්නාකම් හා කෝපායි පොලීසිය පවසයි.

කෝපායි පොලිස් වසමේ පිහිටි නිවාස දෙකකට පළමුව යතුරුපැදි තුනකින් මුහුණු ආවරණය කරගත් 9 දෙනෙකුගෙන් යුත් පිරිසක් පළමුව පහර දී ඇති අතර එම පහරදීමෙන් අදාළ නිවාසයන්හී තිබූ යතුරුපැදි තුනකට ගිනි තැබීම් හා නිවසේ දොර ජනෙල් වලට දැඩි හානි සිදුකර ඇති අතර කිසිදු පුද්ගල හානියක් සිදු කර නොමැත.

අනතුරුව එම පිරිස විසින්ම චුන්නාගම් පොලිස් වසමේ පිහිටි තවත් නිවාසයකට පහර දී එහි තිබු යතුරුපැදියකට හා ත්‍රී රෝද රථයකට දැඩි අලාභ හානි කර නිවසට අලාභහානි සිදු කර පලා ගොස් ඇති බවට චුන්නාගම් පොලීසිය පවසයි.

කෙසේ වෙතත් මෙම නිවාස තුනටම පහර දීමේදී පැමිණි පිරිසේම එක් පුද්ගලයකු විසින් මෙම සියලු පහරදීම් වීඩියෝගත කර ගත් බවටද ප්‍රහාරය එල්ල වූ නිවසියන් කියා සිටි අතර පහර දීමේදී කිසිදු පුද්ගල පහරදීමක් සිදු නොකිරීමට ද මෙම කල්ලිය විසින් නියෝග ලබාදුන් බවට පහරකෑමට ලක් වූ නිවැසියන් විසින් පොලීසියට පවසා ඇත.

අදාළ පහරදීම් සමබන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර චුන්නාගම් හා කෝපායි පොලීසිය විසින් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා නවසීලන්තය අතර පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන්

Mohamed Dilsad

බෝම්බ ප්‍රහාරයට අවශ්‍ය කර තිබූ ලොරි රථයක් හමුවෙයි.

Mohamed Dilsad

වයඹ ගැටුම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කණගාටුව.

Mohamed Dilsad

Leave a Comment