විදෙස්

හවායි දූපත්වලට ප්‍රබල කුණාටුවක අවධානමක්

(UTV|හවායි දුපත්) – පැසිෆික් සාගරයේ හවායි දූපත් ප්‍රබල කුණාටුවකට ලක්වීමේ අවදානමක් මතු වෙයි.

මෙය කුණාටු වර්ගීකරණයේ හතරවන කාණ්ඩයට අයත්වන බවත් එය ප්‍රබල ගනයේ කුණාටුවක් බවත් අන්තර්ජාතික කාලගුණ විශේෂඥයන් පෙන්වා දෙයි.

මේ වනවිට එය හවායි දූපත්වලට සැතපුම් 315 ක් දුරින් පිහිටා ඇති බවද වාර්තාවේ.

ඒ අනුව හවායිහි හොනලූලූ,  ඕවාහු, මාවුයි, ලහායි, මොලකායි යන දූපත් මෙම කුණාටුවට ලක්වීමේ අවදානමක් මතුව ඇත.

මේ වනවිටත් මෙම ප්‍රදේශ වල ජනතාවට පදිංචිව සිටින ස්ථානවලින් ඉවත්වීමට උපදෙස් ලබාදී ඇති බව වාර්තාවේ.

හවායි ජාතික කාලගුණ සේවය පවසන්නේ පැයට කිලෝමීටර 155 ක වේගයකින් මෙම කුණාටුව හවායි දූපත් වෙත ආසන්න වෙමින් පවතින බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉතා ඉක්මනින් කිම් ජොන් උන්, ට්‍රම්ප් හමුවීමට සුදානම්

Mohamed Dilsad

චාර්ල්ස් කුමරුටත් කොරෝනා

Mohamed Dilsad

නවාස් ශරීෆ්ට එරෙහි නඩු විභාගය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment