ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිෂන් සභාව සඳහා සාමාජිකයින් පත්කෙරේ

(UTV| කොළඹ) – රාජ්‍ය අංශයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට ක‍්‍රියාත්මක චක‍්‍රලේඛ හා විධිවිධාන කෙරෙහි අවධානය යොමු කරමින්, රාජ්‍ය අංශයේ වැටුප් ආශ‍්‍රිත යම් ගැටලු හෝ විෂමතා ඇත්නම් එම ගැටලු හෝ විෂමතා අවම කිරීම වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වැටුප් සමාලෝචනය සම්බන්ධයෙන් වන විශේෂ කොමිෂන් සභාවක් පත්කිරීමට ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පියවර ගෙන ඇත.

2018-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹි තීරණය පරිදි ජනාධිපතිතුමා විසින් මෙම විශේෂ කොමිෂන් සභාව පත්කර ඇත.

එස්. රනුග්ගේ මහතා සභාපතිවරයා වශයෙන් ද එච්.ජී. සුමනසිංහ මහතා ලේකම්වරයා වශයෙන් ද පත්කොට ඇති එම විශේෂ කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් මෙසේය.

කේ.එල්.එල්. විජේරත්න මහතා
ටී.පී. කොල්ලුරේ මහතා
සී.පී. සිරිවර්ධන මහතා
සුධර්මා කරුණාරත්න මහත්මිය
ජනක සුගතදාස මහතා
ධාරණි එස් විජේතිලක මහත්මිය
ලලිත් ආර්. ද සිල්වා මහතා
පී.එස්. එදිරිසිංහ මහතා
ඒ.ආර්. දේශප‍්‍රිය මහතා
බි.පී.පී.එස්. අබේගුණරත්න මහත්මිය
වෛද්‍ය පාලිත අබේකෝන් මහතා
පී. තංගමයිල් මහතා
එස්.ඞී. ජයකොඩි මහතා
එම්.සී. වික‍්‍රමසේකර මහතා

විශේෂ වැටුප් කොමිෂන් සභාවේ කාර්යයන් හා නියමයන් පහත පරිදි වේ.

අ. රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට ක‍්‍රියාත්මක වන වැටුප් චක‍්‍රලේඛ විධිවිධාන කෙරෙහි අවධානය යොමු කරමින් ශ‍්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සේවයට යෝජිත වැටුප් පරිමාණය ලබාදීමේ දී ඇතිවන බලපෑම් අධ්‍යයනය කිරීම සඳහා සහ එහිදී මතුවන ගැටලු විසඳීම සඳහා ක‍්‍රමවේද යෝජනා කිරීම.

ආ. මෑතකදී වැටුප් හා දීමනා වැඩිකරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කරන ලද දුම්රිය සේවය, සෞඛ්‍ය, උසස් අධ්‍යාපන හා අධ්‍යාපන, තැපැල් සේවය යන ක්ෂේත‍්‍ර සඳහා දැනට ක‍්‍රියාත්මක වන වැටුප් චක‍්‍රලේඛ මගින් වැටුප් විෂමතාවයක් සිදු වී ඇත්නම් එය අවම කිරීම සඳහා විසඳුම් යෝජනා කිරීම.

ඇ. දීපව්‍යාප්ත සේවාවන්ට අදාළ වැටුප් ගැටලු මෙන්ම කරනු ලැබ ඇති වැටුප් වැඩි කිරීම හේතුවෙන් දැනට පැන නැගී ඇතැයි හඳුනාගෙන ඇති වැටුප් විෂමතාවයන් අවම කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම.

ඈ. සමාන වගකීම් දරන්නා වූ හෝ සමාන සුදුසුකම් සහිත වන්නා වූ හෝ වෘත්තිකයින් විසින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයන්හි දී ලබන්නා වූ වැටුප් හා වේතනයන් සහ දීමනා අතර ඇති විෂමතාවයන් අවම කිරීම පිණිස මග පෙන්වන වැටුප් හා වේතන ව්‍යුහයක් පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම.

Related posts

මහවැලිය – සංහිඳියාවේ ගංගාව” සහ “95න් පසු මහවැලි” ජනගත කිරීම අද ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාර එල්ලවීමෙන් ගෝලීය වශයෙන් ඊට එරෙහිව එක්වීමේ වැදගත් කම සිහිපත් කළා – එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කියයි

Mohamed Dilsad

ගෝඨාභය ජනපතිවරණයට එළැඹීමට ගත් තීරණයට මම කැමතියි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment