ප්‍රමුඛ පුවත 1

විශේෂ මහාධිකරණයේ ප්‍රථම නඩු විභාගය අදයි

(UTV| කොළඹ) – නඩු ප්‍රමාදවීම් මඟහැරවීමේ අරමුණින් පිහිටවනු ලැබු ප‍්‍රථම තී‍්‍ර පුදගල විශේෂ මහාධිකරණය  හමුවේ පවරන ලද ප‍්‍රථම නඩුව අද (24) එම විශේෂ මහාධිකරණය හමුවේ කැදවයි

ඒ අනුව මුදල් විශූද්ධිකරණ පනත යටතේ චෝදනා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතා ඇතුළු සිව් දෙනකු අද විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටිනු ඇත.

ඒ අනුව ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට මුදල් විශූද්ධිකරණ පනත යටතේ චෝදනා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතා ඇතුළු සිව් දෙනකුට එරෙහිවනඩු පවරා තිබුණි.

ත්‍රි පුදගල විශේෂ මහාධිකරණයේ ප‍්‍රථම විනිසුරු මඩුල්ල ලෙස  ලෙස කටයුතු කරනුයේ කොළඹ මහාධිකරණයේ කටයුතු කරන සම්පත් විජේරත්න, සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දමිළ පක්‍ෂ තුනක් සන්ධාන ගත වෙයි

Mohamed Dilsad

රාජ්‍ය අංශවල වැටුප් විෂමතා විසඳන්න කැබිනට් අනු කමිටුවක්

Mohamed Dilsad

පරාජයට යළි ඉඩ නොතැබිය යුතුයි – අනුර කුමාර [VIDEO]

Mohamed Dilsad

Leave a Comment