ප්‍රමුඛ පුවත 1

2016 – 2017 වසරවල උසස් පෙළ සිසුන් එකවර විද්‍යා පීඨවලට

(UTV| කොළඹ) – ඉකුත් 2016 සහ 2017 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය කණ්ඩායම් දෙකම එකවර ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට ඇතුළත් කරගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

සිසුන් ඇතුළත් කරගැනීමේ ගැසට්‌ නිවේදනය ලබන නොවැම්බරයේදී නිකුත් කිරීමට අපේක්‍ෂා කරන අතර සිසුන් 8000 ක් පමණ ඇතුළත් කරගැනීමට නියමිතව ඇත.

අමාත්‍යංශය සදහන්කර සිටින්නේ දැනට පවතින ගුරු අවශ්‍යතාව සහ උසස්‌ පෙළ විභාගයෙන් පසු විද්‍යාපීඨවලට ඇතුළත් වීම සඳහා දීර්ඝ කාලයක්‌ ගතවීම යන කරුණු සලකා බලා කණ්‌ඩායම් දෙකම එකවර ගැනීමට සැලසුම් කළ බවයි.

සිසුන් 8000 ට අධ්‍යයන කටයුතු කිරීම සඳහා විද්‍යාපීඨවල අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට ද අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන බව වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බේරේ වැව මගී ප්‍රවාහන යාත්‍රා සේවය අද ආරම්භ වෙයි

Mohamed Dilsad

විසි වන සංශෝධනයේ කෙටුම්පත් නීතිපතිවරයා වෙත

Mohamed Dilsad

ලොව විශාලතම නත්තල් ගස – ගිනස් වාර්තා සහතිකය පිරිනැමේ

Mohamed Dilsad

Leave a Comment