ප්‍රමුඛ පුවත 1

හිතුමතේ ජීවිතේ යළි රිමාන්ඩ්

(UTV| කොළඹ) – තමන්ගේ නැගණිය දූෂණය කර මරාදැමූ පුද්ගලයන්ව ඝාතනය කළ හිතුමතේ ජීවිතේ නමින් ප්‍රකටම සිටින ඩී.වී. සුමතිපාල නැවත වරක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ 2006 වසරේදී පොල්ගස්ඕවිට ප්‍රදේශයේ සිදුවූ සොරකමක් සම්බන්ධයෙනි.

පිළියන්දළ පොලීසිය විසින් ඔහු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කර ඇප නියම වූවත් ඇප ලබාදීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම හේතුවෙන් යළි රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

හිතුමතේ මේ පිළිබදව කියා සිටින්නේ තමන් මෙම සොරකම පිළිබදව නොදන්නා බවත් හොඳින් ජීවත් වීමට උත්සාහ කරන විට බොරුවට නඩු දමන බවත්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උතුරට නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්.

Mohamed Dilsad

ඛනිජ තෙල් සංස්ථාවත් සමග ලංවිම කිසිම අර්බුදයක් නැහැ – විදුලිබල ඇමති කියයි

Mohamed Dilsad

සාධාරණයක් ඉල්ලා සරත් ෆොන්සේකා අධිකරණයට යාමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment