ප්‍රමුඛ පුවත 1

මාළිගාවත්තේ වෙඩි තැබීම පාතාලයේ ගැටුමක්දැයි සැක

UTV | COLOMBO – මාළිගාවත්ත – ජුම්මා හන්දිය – ලොන්ඩරිය අසළ මාර්ගයේදී ඊයේ (26) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වුණා.

පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකොට පළා ගොස් ඇති බවයි.

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ 31 හැවිරිදි මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.

පොලීසිය සඳහන් කළේ වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් මියගොස් ඇත්තේ පාතාල නායක මධුෂ්ගේ ගෝලයෙකු සමඟ විවාහ වී සිටි කාන්තාවක් බවයි.

ඒ අනුව පාතාල ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති බවට මූලික පරීක්ෂණවලදී සාධක ලැබී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ.

Related posts

නාවික හමුදාව සමුද්‍රීය ආරක්ෂක රාජකාරී මගින් සේවා ගමන් වාර 10000 ඉක්මවයි

Mohamed Dilsad

තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියට අදාළ 10 වැනි සැකකරු යලි රිමාන්ඩ්

Mohamed Dilsad

සෑම දුප්පත් පවුලකටම වියළි ආහාර – විපක්‍ෂ නායක [VIDEO]

Mohamed Dilsad

Leave a Comment