ප්‍රමුඛ පුවත 1

අගමැති අද ඉන්දීය සාගර සමුළුව ඇමතීමට සුදානම්

(UTV| කොළඹ) – 2018 ඉන්දීය සාගර සමුළුව අද(27)  වියට්නාමයේ හැනෝයි නුවරදී ආරම්භ වේ.

එහි සමාරම්භක සැසිය අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ඇමතීමට නියමිතය.

මෙවර සමුළුවේ තේමාව වන්නේ ” කලාපීය නව හැඩ තල ගොඩනැංවීම” යන්න යි.

මෙහිදී ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව, වෙළඳ හා වාණිජ කටයුතු සහ පරිපාලනය සඳහා සාමූහිකව කටයුතු කිරීමේදී නව කලාපීය හැඩතල ගොඩනැංවීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කෙරනු ඇත.

සිංගප්පූරුව, බංගලාදේශය සහ ශ්‍රී ලංකාවේ මූලිකත්වයෙන් ඇරඹි සමුළුවට කලාපීය රාජ්‍ය නායකයින්, මැති ඇමතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙන්ම විෂයගත ප්‍රවීණයින් ද සහභාගී විමට නියමිතය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පේසාලේ මුහුදේදී බීඩි කොළ තොගයක් සොයා ගනී

Mohamed Dilsad

ජනපතිට ඉන්චොන් ගුවන්තොටුපලේදී ඉහළ පිළිගැනීමක් (ඡායාරූප)

Mohamed Dilsad

“ත්‍රිරෝද රථ ගෙන්වීම වහාම නතරකළ යුතුයි” – ඇමති නිමල්

Mohamed Dilsad

Leave a Comment