ප්‍රමුඛ පුවත 1

නව නිවාඩු 03 ක් ගැසට් කරයි

(UTV| කොළඹ)  – 2019 වසර සඳහා වු නිවාඩු දින සහිත අති විශේෂ ගැසට් පත්‍රය පසුගිය ජුනි මාසයේදි නිකුත් කෙරුණු අතර ඊට සංශෝධනයන් එක් කර බැංකු නිවාඩු තුනක් සහිත විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරිමට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පියවර ගනී.

අගෝස්තු මස 23 වැනිදා මෙම  විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

මේ අනුව 2019 වසරේ අප්‍රේල් 15, මැයි 20 හා නොවැම්බර් 11 යන සඳුදා දිනයන් බැංකු නිවාඩු දින ලෙස අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

2019 වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය අප්‍රේල් 14 දින ඉරිදා දිනයක් වන අතර, වෙසක් පුර පසළොස්වක දිනය යෙදෙන මැයි 19 ද ඉරිදා දිනයක් වන අතර නබි නායකතුමාගේ උපන් දිනය යෙදෙන නොවැම්බර් 10 දා ඉරිදා දිනයකි.

මේ අනුව ඉහත නිවාඩු දිනයන් ඉරිදාවන්ට යෙදී ඇති බැවින් එම දිනවලට පසුව එළඹෙන සඳුදාවන් බැංකු නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

2019 වසරේ නිවාඩු දින ගැසට් පත්‍රය පහත දැක්වෙන අතර ඊට පහළින් දැක්වෙන්නේ අතිරේක බැංකු නිවාඩු දින ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනයන්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගානියා බැනිස්ටර් වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග [VIDEO]

Mohamed Dilsad

පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි නිළධාරීන් 73 කට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

උසස් පෙළ සමත් සිසුන්ට විශ්ව විද්‍යාල වරම් – ගෝඨාභය [VIDEO]

Mohamed Dilsad

Leave a Comment