ප්‍රමුඛ පුවත 1

ඇතැම් සමාජජාල වෙබ් අඩවි ජනතාව නොමග යවන බවට චෝදනා

(UTV| කොළඹ) – දකුණු කොළඹ ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ට බිල්පතක් නිකුත් කරන්නේ රජය විසින් ප්‍රතිකාර කිරිම සදහා වැය කරන මුදල රෝගියාට දැනගැනීමට පමණක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

රෝගීන්ගෙන් මුදල් අය කර ගැනීමට සෞඛ්‍ය සේවාව සුදානම් වන බවට ඇතැම් සමාජජාල වෙබ් අඩවි පළ කළ පුවත් අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි. මේ පිළිබදව අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.

“සමාජජාල වෙබ් අඩවි විද්‍යාවේ දියුණුව තුළින් ඇති වූ දෙයක්. නමුත් එහි භාවිතය අවිද්‍යාත්මකයි. භාවිතය නිසා ජනතාව නොමග යවමින් විනාශයන් සිදු වෙනවා. එහි බලපෑම සෞඛ්‍ය සේවාවටත් උදා වී තිබුනා. පසුගිය දිනෙක සමාජ ජාලා වෙබ් අඩවි වල පළ වී තිබුනා දකුණු කොළඹ ශික්ෂණ රෝහලෙන් බිල්පතක් නිකුත් කරමින් රෝගීන්ගෙන් මුදල් අය කරන බව. එය අසත්‍යයක්. එම බිල්පත නිකුත් කරන්නේ ප්‍රතිකාර කිරිම සදහා වැය වන මුදල රෝගීන්ට දැනගැනීම සදහා පමණයි. එම වැඩපිළිවෙල නිර්මාණය කළේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් විසින්. මම දකුණූ කොළඹ ශික්ෂණ රෝහලේ පැවැති උත්සවයකට ගිය අවස්ථාවේ දී මෙම වැඩපිළිවෙල හදුන්වා දුන්නා. නමුත් ඇතැම් සමාජජාල වෙබ් අඩවි රෝගීන් නොමග යවන සුළු ප්‍රවෘත්ති පළ කර තිබුනා. සෑම දෙයක්ම දේශපාලන කෝණයෙන් බලන්න එපා. එමගින් බලය ලබාගන්න උත්සාහ කරන්නත් එපා. සෞඛ්‍ය යනු සේවාවක්.”යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුඩු රොෂාන් ඇතුලු හත්දෙනා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

තවත් නාවිකයින් පිරිසකට සුවයි

Mohamed Dilsad

ධුර වලින් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරු අද යළි දිවුරුම් දීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment