(UTV| කොළඹ) – දුමරිය නියාමක, රියදුරු , ස්ථානාධිපති සහ පාලකවරුන් අනිද්දා (29) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබු දුම්රිය වැඩ වර්ජනය අතිහිටුවයි.

ඒ දුම්රිය වෘත්තීය සමිති අද (27)  පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර  පැවැති සාකච්ඡාවේ ප්‍රථිපලයක් ලෙසයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති ජනක ප‍්‍රනාන්දු මහතා පැවසුවේ දුම්රිය ශ්‍රේණි විෂමතාවය නිවැරදි කර තමන්ට හිමි වැටුප් තල ලබා ගැනීම සම්බන්ධ ජනාධිපතිවරයා සමඟ අද පස්වරුවේ පැවති සාකච්ඡා සාර්ථක වූ බවයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]