ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සබඳතා තවත් ශක්තිමත් වෙයි

(UTV|වියට්නාමය) – ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සාම්ප්‍රදායික සබඳතා තව තවත් පුළුල් කරමින් දේශපාලන සහයෝගීතා ඔස්සේ ආර්ථික සබඳතා ශක්තිමත් හා පුළුල් කරලීමට දෙපාර්ශ්වයම කටයුතු කළ බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ වියට්නාමයේ
නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ෆාම් බින් මින් (Hon. Pham Binh Minh) මහතා අතර පැවැති සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි.

වියට්නාමයේ හැනොයි නුවර ඉන්දීය සාගර සමුළුවට පූර්වගාමීව වියට්නාම විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී  ඊයේ (27 වන දා) මෙම හමුව පැවැත්විණි.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික වෙළෙදාම 2020 වන විට අමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීම සඳහා නිරන්තර සාකච්ඡා සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.

වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පැවසූයේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය වසරේ නිල සංචාරයක් සඳහා වියට්නාමයට පැමිණීමෙන් ද, මෙම මාසයේ ඉන්දීය සාගර සමුළුව සඳහා සහ ලබන මාසයේ ලෝක ආර්ථික සමුළුව සඳහා වියට්නාමයට පැමිණීමෙන් ද පිළිබිඹු වන්නේ තම රට කෙරෙහි දක්වන මිත්‍රශීලී ආකල්පය බවය. ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා වික්‍රමසිංහ මහතාට කෘතඥතාව පළ කළේය.

ඉන්දියන් සාගර සමුළුවේ සත්කාරක රාජ්‍ය ලෙස ක්‍රියා කිරීම සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා වියට්නාමයට සිය ස්තුතිය පළ කළේය. ඉන්දියන් සාගර සමුළුව ඔස්සේ කලාපීය සංවර්ධනය, සාමය සහ සමෘද්ධිය උදාකරලීමට සියලූ පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගත යුතු බව ද මේ සාකච්ඡාවේ දී විශේෂයෙන් අවධාරණය කෙරිණි.

ව්‍යාපෘති කළමනාකරණ, යෞවන කටයුතු හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති දිසානායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විදේශ අමාත්‍යාංශයේ සාගර කටයුතු හා දේශගුණික විපර්යාස පිළිබඳ අංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් සශිකලා ප්‍රේමවර්ධන, සහකාර ලේකම් රුවන් ගුණවර්ධන, අග්‍රමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා ඇතුළු නිලධාරීහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ අවස්ථාවට එක්වූහ.

 [alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඩෙංගු අවධානම නිසා අද සහ හෙට විශේෂ වැඩසටහනක්.

Mohamed Dilsad

‘විල්පත්තු අර්බුදය දෙස ජාතිවාදී කෝණයෙන් නොබලන්න’ ඇමති රාජිත

Mohamed Dilsad

දකුණු ආසියාවේ විද්යුත් මාර්ගෝපදේශනය

Mohamed Dilsad

Leave a Comment