ප්‍රමුඛ පුවත 1

අධ්‍යාපනය ඇමතිට ජාත්‍යන්තර සම්මානයක්

(උදයම්,කොළඹ) –  ලෝක සාමූහික සමාජ වගකීම් සදහා වන World CSR Day and CSR සමුළුවේදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඇගයීමට ලක්වෙයි.

ඉන්දියාවේ මුම්බායිහි පසුගියදා ( 17,18) දින වල පැවති සමාජ සංවර්ධනය සඳහා වූ දායකත්වය වෙනුවෙන් වන Outstanding Contribution to Social Development සම්මානයෙන්අමාත්‍යවරයා පිදුම් ලබා තිබේ.

මෙම සමුළුව සඳහා ආසියානු සහ යුරෝපීය රටවල් 84ක නියෝජිතයෝ එක්ව සිටියහ.

මෙවර සමුළුවේ තේමාව වූයේ The Future of Profit is purpose යන්නය.

අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සිදුකළ සමාජ සංවර්ධනය හා උත්සාහය අගයමින් මෙම සම්මානය ප්‍රධානයකර ඇත.

සමුළුවේ නිර්මාතෘ ආචාර්ය ආර්.එල්.භාතියා එහිදී සඳහන් කළේ අකිල විරාජ් මහතා ලබාදෙන්නා වු උපායමාර්ගික නායකත්වය පිළිබඳ අත්දැකීම් සෙසු රටවල් සමඟ හුවමාරු කිරීම වැදගත් වන හෙයින් මෙම සම්මානය ප්‍රධානය කිරීමට තීරණය කළ බවය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/MINISTER-AKILA-VIRAJ-UDM-SIN.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/AKILA-VIRAJ-11-UDM-SIN.jpg”]

Related posts

ගජ මුතු ජාවාරමට සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඥානසාර හිමියන් වරදකරු වෙයි

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට

Mohamed Dilsad

Leave a Comment