ප්‍රමුඛ පුවත 1

ඉන්දීය ධීවරයින් දස දෙනෙකු නාවික හමුදාව භාරයට

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනේ.

ධීවරයින් හය දෙනෙකු ඩෙල්ෆ් දූපත ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සිව්දෙනා මන්නාරමට උතුරෙන් වු මෙරට මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලෙවි මහතා සඳහන් කළේය.

අදාළ ධීවරයින් පැමිණි යාත්‍රා දෙකක් ද නාවික හමුදාව බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ධීවරයින් සහ යාත්‍රා වැඩිදුර විමර්ශන සඳහා යාපනය සහ මන්නාරම ධීවර  පරීක්ෂක කාර්යාල වෙත බාරදුන් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

Related posts

ඖෂධවල තත්ත්ව නියාමනයට රසායනාගාරයක්

Mohamed Dilsad

ඇමෙරිකා – චීන වෙළඳ යුද්ධය දරුණු අතට

Mohamed Dilsad

2019 ලක්දිව ඉංජිනේරු සමාගම රුපියල් මිලියන 35ක වාර්තාගත ලාභයක් ලබයි

Mohamed Dilsad

Leave a Comment