(UTV| කොළඹ) – ශ්‍රී ලංකා – මියන්මාර් ඒකාබද්ධ වෙළෙඳ ගිවිසුම නැවත සකී‍්‍රය කර ගනිමින් දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා නව මාවතක් ඔස්සේ ශක්තිමත් කරගැනීමට දෙරටේ රාජ්‍ය නායකයෝ එකඟ වෙති.
බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් (BIMSTEC) හතරවන රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගීවීමට නේපාලයට ගොස් සිටින ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ මියන්මාර් ජනාධිපති Win Myint මහතා අතර හමුවක් (30) දින පෙරවරුවේ කත්මණ්ඩු නුවරදී පැවැත්වුණු අතර එහිදී නායකයින් මේ පිළිබඳ සාකච්ඡා කළහ.
ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර වෙළෙඳ කටයුතු පහසු කර ගනු වස් 1999 වසරේදී මෙම වෙළෙඳ ගිිවිසුමට එළැඹිනි. ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති මියන්මාර් – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද මෙහිදී නායකයින්ගේ විශේෂ අවධානය යොමු වූහ.
දෙරටම ථේරවාදී බෞද්ධ දර්ශනය සහිත රටවල් වීමත්, කෘෂිකර්මය මුල් කරගත් ආර්ථික රටාවකට හිමිකම් කීමත් යන කරුණු මත දෙරට අතර සමානකම් රැසක් පවතින බව පෙන්වා දුන් ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා ඒ අනුව දෙරටේ සබඳතා ඉතා පහසුවෙන් ශක්තිමත් කර ගැනීමේ හැකියාව පවතින බව ද කියා සිටියේය.
ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම උදෙසා මියන්මාර් ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළ ද මෙහීදී අගය කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව මියන්මාරයේ අවංක මිතුරෙකු ලෙස ජාත්‍යන්තර වේදිකාවේදී අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.
එමෙන්ම ප්රජාතන්ත්රවාදී නායිකාවක් වූ අවුන් සා සුකී මහත්මියගේ වැඩපිළිවෙළ පිළිබඳව ද සිහිපත් කළ ජනාධිපතිතුමා 2016 වසරේදී එතුමිය හමුවූ අවස්ථාව ද සිහිපත් කර සිටියේය. අද ශ්‍රී ලංකාව ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබදව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා නැවත රට තුළ යුද්ධයක් ඇති නොවන අයුරින් සංහිඳියාව ශක්තිමත් කිරීම තම ප්රමුඛ වගකීමක් සේ ඉටුකරන බව ද කියා සිටියේය. එමෙන්ම 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරමින් ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමටත්, ජනාධිපති ධූරයේ අසීමිත විධායක බලතල පාර්ලිමේන්තුවට පවරාදීමට කටයුතු කළ ආකාරයත් ජනාධිපතිතුමා සිහිපත් කළේය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]