ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ගොවියකුගෙන් වී කිලෝග්‍රෑම් 3000 ක් මිලදී ගන්නවා – අමැති අමරවීර

(UTV| කොළඹ) – වී අලෙවි මණ්ඩලය මගින් අද (31) සිට ගොවියකුගෙන් වී කිලෝග්‍රෑම් 3000 ක් මිලදී ගැනීමට තිරණය කළ බව කෘෂිකර්ම සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

අම්බලන්තොට වී අලෙවි කිරීමේ ගබඩා සංකීර්ණයේ වි මිලදි ගැනීමේ අවස්ථාවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමීන් හෙතෙම මෙ බව පැවසීය.

මෙතෙක් වී අළෙවි මණ්ඩලය මගින් එක් ගොවියෙකු ගෙන් වී කිලෝග්‍රෑම් 2000ක් පමණක් මිලදි ගත් බව සදහන් කළ ඇමතිවරයා අද සිට එම ප්‍රමාණය කිලෝග්‍රෑම් 1000 න් වැඩි කිරීමට තමන් තීරණය කළ බවද මෙහිදි පෙන්වා දුන්නේය.

ඒ අනුව අද සිට එක් ගොවියෙකු ගෙන් වි කිලෝ ග්‍රෑම් 300ක් මිළදි ගන්නා බව ද ඉදිරියේදි මෙම ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 5000 දක්වා වැඩි කිරීමට හැකියාවක් ඇද්දැයි සොයා බලන බවද වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2019 මාධ්‍ය අරුණ විශේෂ ණය යෝජනා ක්‍රමයට අයදුම්පත් භාරගැනීමේ කාලසීමාව දීර්ඝ කෙරේ

Mohamed Dilsad

තෙල් මිල යළි ඉහළට

Mohamed Dilsad

ආගමික නායකයන්ට මහින්ද දේශප්‍රියගෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment