විදෙස්

යුරෝපයේ අධික ශීතලෙන් විසිදෙනෙක් ජීවිතක්ෂයට

යුරෝපයේ අධික ශීතලට නිරාවරණය වීමෙන් පසුගිය දින දෙක තුළ පුද්ගලයෝ විසිදෙනෙක්  ජීවිතක්ෂයට පත් වෙති.

යුරෝපයේ මෙවර ශීත ඍතුව අසාමාන්‍ය වන අතර පෝලන්තයේ දසදෙනෙකු මියගොස් ඇත්තේ සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 14 ක ශීතලට නිරාවරණය වීමෙනි.

ගතවූ පැය 48 තුළඉතාලියේ  පුද්ගලයන් හත්දෙනෙකුද අධික ශීතල නිසා  මියගොස් ඇති අතර, ඉන් පස්දෙනෙක් නිවහන් නොමැති සංක්‍රමණිකයන් බවද වාර්තාවේ.මුළු යුරෝපයම පාහේ මේ වනවිට හිම තට්ටුවකින් වැසී ඇති අතර, මොස්කව් නුවර රාත්‍රියේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 30 ක පමණ අඩු අගයක් ගන්නා බව විදෙස් වාර්තා සදහන් කරයි.

Related posts

අරාබිකරයේ ප්‍රථම අඟහරු ගවේෂණය

Mohamed Dilsad

සිංගප්පූරුවට එන පුද්ගලයන්ට අද සිට දින 21 ක අනිවාර්ය නිරෝධායන කාල සීමාවක්

Mohamed Dilsad

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම කල්යයි

Mohamed Dilsad

Leave a Comment