ප්‍රමුඛ පුවත 1

කතානායකවරයා දිනේෂ්ට යැවු ලිපිය

(UTV|කොළඹ) – පක්ෂ නියෝජිතයින්ගේ ඉන්දියානු සංචාරය සඳහා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට ආරාධනා කරනු ලැබුවේ විපක්ෂයේ පදවි තානාන්තර පිළීබඳ සැලකිල්ලට ගනිමින් නොවන බව කථානායක කරූ ජයසූරිය මහතා අවධාරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් කථානායක කරූ ජයසූරිය මහතා විසින් ලිඛිතව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා වෙත දැනුම්දී ඇත.

ඉන්දියානු රජයේ ආරාධානයකට අනුව සුදානම් කර ඇති පක්ෂ නියෝජිතයින්ගේ සංචාරය සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසකට කථානායකවරයා විසින් පසුගියදා ආරාධනා කර තිබුණි.

පසුව මෙම ආරාධනය ප්‍රතික්ෂේප කරමින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එම සංචාරය සඳහා සහභාගී නොවන බව කථානායකවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත.

එම ලිපියට පිළීතුරු වශයෙන් කථානායක කරූ ජයසූරිය මහතා  දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා වෙත දැනුම්දී ඇත්තේ අදාළ ආරාධනය කරනු ලැබුවේ සත්භාවයෙන් හා ගෞරවයෙන් බවයි.

මෙය මාධ්‍යයට හෙළි කල යුතු කරුණක් නොවූව ද පසිගියදා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය මාධ්‍යයට නිකුත් කර තිබු බැවින් මෙම පැහැදිලි කිරීමද මාධ්‍යයට නිකුත් කරන බව කථානායකවරයා දැනුම් දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද පරිසර සමුළුවේ ප්‍රධාන දේශනය ජනපතිගෙන්

Mohamed Dilsad

ගුවන්තොටුපලේ විදුලිය ඇණ හිටී

Mohamed Dilsad

අතාවුල්ලා – මනෝගේ සංවාදය පිලිබඳ වාසුදේවගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment