ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාවෙන් රුබෙල්ලා තුරන් වෙයි

(UTV| කොළඹ) – ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව රුබෙල්ලා රෝගයෙන් මිදුණු රටක් ලෙස නම් කොට ඇත.

මීට අදාළ සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැඟෙනහිර ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා පූනම් චෙට්ත්‍රපාල් සිං මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත පිරිනැමීම ඊයේ (05) සිදුකරනු ලැබීය.

ශ්‍රී ලංකාව 2015 වසරේදී මැලේරියා රෝගයෙන් තුරන් වූ රටක් ලෙසත්, 2016 වසරේදී බරවා රෝගයෙන් තුරන් වූ රටක් ලෙසත් 2017 වසරේදී මවගෙන් දරුවාට බෝවන නව ජන්ම පිටගැස්ම රෝගයෙන් තුරන් වූ රටක් ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කරන ලදී.

රුබෙල්ලා රෝගයෙන් මිදුණු රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කරමින් ඊට අදාළ සහතිකය පිරිනමන අවස්ථාවේදී කලාපීය අධ්‍යක්ෂිකා වෛද්‍ය පුනම් චෙට්ත්‍රපාල් මහත්මිය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සෑම වසරකදීම කිසියම් රෝගයක් තුරන් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය ලබා ගන්නා අතර ඊට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය නායකත්වය රුකුලක් වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බස් ගාස්තු යළි ඉහළ යයිද?

Mohamed Dilsad

ආපදා තත්ත්වයෙන් 68000ක් පීඩාවට

Mohamed Dilsad

දකුණේ පාසැල් සහ ගම්පහ පාසැල් අද යළි විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment