කළුතර – කටුකුරුන්ද මුහුදු තීරයේ සිදුවූ බෝට්ටු අනතුරෙන් දියේ ගිලී අතුරුදන්ව සිටි තවත් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනේ.
අද අලුයම ධීවරයන්ට වයස අවුරුදු 28ක් පමණ වන තරුණයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.
ඉන් පසුව අවුරුදු 7 පමණ වන පිරිමි දරුවෙකුගේ සිරුරක්ද සය ගෙන ඇති බව පොලීසිය සදහන් කළේය.
ඒ අනුව මෙම අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 14ක් වන අතර තවත් දෙදෙනෙකු තවමත් අතුරුදන්ව සිටීයි.