ප්‍රමුඛ පුවත 1

මහරගම නගර සභාවේ සේවකයෝ රාජකාරි වලින් බැහැර වෙයි

(UTV| කොළඹ) – මහරගම නගර සභාවේ සේවයේ නියුතු සියලුම සේවකයින් සිය රාජකාරි කටයුතුවලින් ඉවත්වී ඇත.

ඒ, එම නගර සභාවේ සභාපතිවරයා වන ටිරාජ් ලක්රුවන් විසින් නගර සභාවේ විදුලි අංශයේ සේවකයින් සිව් දෙනෙකුට පහරදී ඇති බවට චෝදනා කරමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිස තිබේ.

පහරකෑමට ලක්වූ සේවකයන් ඊයේ (06) රාත්‍රියේ සිය නිවෙස් බලා යමින් සිටියදී අවන්හලකට ගොස් මත්පැන් පානය කර ඇති බව සඳහන්.

එම ස්ථානයට පැමිණි නගර සභා සභාපති ටිරාජ් ලක්රුවන් තමන්ට පහරදුන් බව ඔවුන් ප්‍රකාශ කර ඇති බවත් වාර්තා වෙයි.

Related posts

හඳුනා නොගත් මළසිරුරක් සොයා ගැනේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ධුරය ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතාට

Mohamed Dilsad

ස්වර්ණාභරණ සඳහා ප්‍රමිති මුද්‍රා තැබීම ලබන වසරේ සිට අනිවාර්යයි

Mohamed Dilsad

Leave a Comment