ප්‍රමුඛ පුවත 1

වල්ලපට්ටා තොගයක් සමග අයෙක් කටුනායකදී අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  – වල්ලපට්ටා කිලෝග්‍රෑම් 26ක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවේ සිට චෙන්නයි දක්වා රැගෙනයාමට තැත් කළ පුද්ගලයෙකු ගුවන් තොටුපලේ රේගුව අත්අඩංගුවට ගනී.
මෙම වල්ලාපට්ටා තොගය ගමන් බෑගයක අසුරා ආරක්ෂක යන්ත්‍රවලට හසු නොවන ආකාරයට අසුරා තිබු බව ගුවන්තොටුපල රේගුව පවසයි.

මෙම වල්ලපට්ටා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 12ක් පමණ වන බව සඳහන්ය.

ඊයේ රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 37 ක් පමණ වන කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ රේගුව තවදුරටත් රදවාගෙන විමර්ශන කටයුතු සිදුකරයි.

ගුවන් තොටුපළ රේගුව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

අභිමානවත් 72 වන නිදහස් දිනය අදයි

Mohamed Dilsad

තමා ඝාතනය කිරීමට ඉන්දියාවේ රෝ සංවිධානය උත්සහය දැරූ බව ජනපති කියයි

Mohamed Dilsad

මෙරට අසාදිතයින් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment