ව්‍යාපාරික

සංචාරකයන්ගේ වර්ධනයක්…අගෝස්තුවේ ලක්ෂ 02 ක් ලංකාවට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන වාර්තාවලට අනුව 2018 අගෝස්තු මාසය තුළදී 200,359 ක විදෙස් සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මෙම සංගණනය පසුගිය 2017 වසරේ අගෝස්තු මාසය තුළ මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය වූ 190,928 හා සැසඳීමේ දී 4.9% ක ඉහළ යාමක්.

අගෝස්තු මාසයේ මෙම දත්ත සමඟින් වසරේ මුල් මාස 08 තුළදී මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් ගණන 1,582,835 ක් ලෙසින් වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයින් පැමිණ ඇති රටවල් ලෙසින් පිළිවෙලින් ඉන්දියාව, චීනය හා එක්සත් රාජධානිය වාර්තා වෙයි.

Related posts

වාහන ආනයනය අත්හිටුවීම අඛණ්ඩව

Mohamed Dilsad

මෙරට බහාලුම් හැසිරවීම පුළුල් කිරීමට Maersk Holdings මැදිහත් වෙයි.

Mohamed Dilsad

කොළඹ කොටස් වෙළෙඳ පොළ හෙටත් වසා දමයි

Mohamed Dilsad

Leave a Comment