ප්‍රමුඛ පුවත 1

විදේශ කටයුතු අමාත්‍යවරයා බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අද  (09) බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක  නිරත වීමට නියමිතය.

එම අමාත්‍යාංශය සඳහන් කළේ ලබන 14 වන දින දක්වා අමාත්‍යවරයා බ්‍රිතාන්‍යයේ සංචාරය කිරීමට නියමිත බවයි.

2016 වර්ෂයේ ජුලී මාසයේ පැවති ජනමත විචාරණයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය තෙරේසා මේ ගේ නව ආණ්ඩුව බිහිවීමෙන් පසුව මෙරට ඉහළ පෙළේ නියෝජිතයෙකු බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර ද්වීපාර්ශවික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම මෙම සංචාරයේ අරමුණයි.

දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සඳහා ඇති අවස්ථා පිළිබඳව අමාත්‍යවරයා විසින් බ්‍රිතාන්‍ය ඉහළ පෙළේ නියෝජිතයන් දැනුම්වත් කිරීමට ද නියමිතය.

Related posts

රජයට සහය දැක්වීමට සූදානම් – හිටපු ජනපති කියයි

Mohamed Dilsad

ඝණ ආහාර සදහා වර්ණ සංකේත ක්‍රමය අප්‍රේල් 01 සිට

Mohamed Dilsad

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ අපෑලේ තීන්දුව 08 වනදා…

Mohamed Dilsad

Leave a Comment