(UTV|පාකිස්තානය) – ඉම්රාන් ඛාන්ගේ අග්‍රාමාත්‍ය කාර්යාලය සතු වූ වෙඩි නොවදින වාහන ඇතුළු වාහන පෙළක් වෙන්දේසි කිරීම ඊයේ (17) සිදු කළේය.
ඒ රජයේ මූල්‍ය අර්බුදයට විසදුමක් ලෙසයි.
ඉස්ලාමාබාද් නුවර අග්‍රාමාත්‍ය නිවසේ ආලින්දයේ පැවති මෙම වෙන්දේසිය මගින් ඩොලර් මිලියන 16ක් ඉපයීමට අපේක්ෂා කර තිබේ.
නමුත් මෙහිදී උපයා ගැනීමට හැකි වී ඇත්තේ ඩොලර් 6 ලක්ෂයක් පමණය.
වාහන 100ක් පමණ වෙන්දේසියට ඉදිරිපත් කළ ද ඩොලර් මිලියන 1.3 බැගින් මිල කෙරුණු මර්සිඩීස් වර්ගයේ වාහන දෙකක් ඇතුළු සුපිරි වාහන රැසක් අලෙවිවී නොමැති බව වාර්තාවේ.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]