ප්‍රමුඛ පුවත 1

බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද

(UTV| කොළඹ) – ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්‍ෂව බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද පැවැත්වේ.

ඉන්ධන මිල සූත්‍රය අනුව මාස දෙකක් ඇතුළත ඩීසල් ලීටරයක මිල රුපියල් 14කින් වැඩි වී තිබේ.

ප්‍රවාහන අමාත්‍යවරයා හා පෞද්ගලික බස් සංගම් අතර අද පෙරවරු 10.00 ට ප්‍රවාහන අමාත්‍යංශයේදී ආරම්භ වන මෙම සාකච්ඡාවේදී බස් ගාස්තු වැඩි කිරීම පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත.

මෙම සාකච්ඡාවේදී දැනට අකර්මන්‍යව පවතින මිල සූත්‍රය යළිත් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක් කරන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට කෘෂි ,අධ්‍යාපන ක්ෂේත්‍ර නගා සිටුවීමට ඕස්ට්‍රේලියාවේ සහය

Mohamed Dilsad

ආහාර, ඇසුරුම්, කෘෂි යන අංශවල සුවිශේෂ දක්ෂතා දැක්වූවන්ට ඇමති රිෂාඩ් අතින් සම්මාන

Mohamed Dilsad

රටේ ආරක්‍ෂාව රැකිය යුත්තේ රජයයි – මහින්ද රාජපක්‍ෂ

Mohamed Dilsad

Leave a Comment