ප්‍රමුඛ පුවත 1

අනුමැතියකින් තොරව තිරිඟු පිටි මිල ඉහළ දැමූවොත් වැඩ වැරදී

(UTV| කොළඹ) – පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතියකින් තොරව තිරිඟු පිටි මිල රුපියල් 5කින් වැඩි කිරීමට පියවර ගත් තිරිඟු පිටි නිෂ්පාදකයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එම අධිකාරිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ, තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 87ක් බව යි.

එම මිල ඉක්මවා තිරිඟු පිටි අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව ද එම නිවේදනයේ සඳහන් ය.

පසුගිය මස 31 වන දා රාත්‍රියේ සිට තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම පියවර ගනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අනතුරු අවම කිරීමේ අරමුණින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දීප්ති ප්‍රතිරෝද පුවරු සවිකෙරේ

Mohamed Dilsad

ශිවාජිලිංගම්ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් කැදවීමක්

Mohamed Dilsad

දේශගුණික බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතියේ අලුත්ම තත්වය …

Mohamed Dilsad

Leave a Comment